Posts

Showing posts from August, 2023

colours of the Moon

Image
  It took 10 years for the photographer Marcella Julia Pace to capture these 48 colours of the Moon 😍

මරියතුමියගේ ස්වර්ගාරෝපණය මංගල්‍යය

Image
සෑම වසරකම අගෝස්තු 15 වන දින ශුද්ධවූ සභා මාතාව විසින් නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය සමරනු ලබයි. මෙම මංගල්‍ය සමරනු ලබනුයේ: 1. නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව 2. පෙරදිග ඕර්තඩොක්ස් සභාව 3. ඇංග්ලිකානු සභාවට අයත් ඇතැම් කොටස් කන්‍යා මරියතුමියගේ ස්වර්ගාරෝපණය යනු: ඕතොමෝ ගේ මෙලොව ජීවිතයේ අවසානය හෙවත් ස්වර්ගය වෙත කන්‍යා මරිය තුමිය ශාරීරික වශයෙන් ඔසවා ගැනීමය. දෙව් පුත් මෙලොවට වැඩම කිරීමට නව ගැලවීමේ ඉතිහාසයේ මුල් පුරුකවූ නවගිවිසුමේ ඒව ගේ කීකරුකම දේව මහෝත්තමයාණන් වහන්සේ විසින් මහිමයට පමුණුවනු ලැබූ යේ එතුමියගේ ශ්‍රි සිරුර පොළොවට පස්වන්නට ඉඩ නොහැර ප්‍රාණ ශරිර පිටින් ස්වර්ගයට ඔසවාගනු ලැබීමෙනි. ජනප්‍රවාදයට අනුව ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු මරියතුමිය ජොහාන් අපෝස්තුළුතුමා සමග සිටි බවත්, දිනක් රෝගීව සිට මියගිය බවත් පවසයි.ජුදා සිරිත් පරිදි එතුමියගෙ දේහය තැන්පත් කල පසු තෝමස් අපෝස්තුළුතුමා විසින් මරිය තුමියගේ වත මඬල අවසන් වරට දැක ගැනීමට සලස්වන ලෙස කල ඉල්ලීමට ජොහාන් තුමා සොහොන් ගෙය විවෘත කල පසු දක්නට වූයේ රෝස මල් යහනාවක් පමණක් බව ජනප්‍රවාදය පවසයි. අදත් ජෙරුසෙලමේ ඔලීව් කන්දේ කිදෝන් වැලි හි එ...

මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්

Image
කදාන ද මැසනොද් විදුහලේ කලා අංශයේ නව බහු මාධ්‍ය පන්ති කාමරය 2023.08.08 වන දින පාසලේ විදුහල්පති ගරු ජානක ෆොන්සෙකා සහෝදරතුමාගේ ප්‍රධානත්වයෙන්  විවෘත කෙරිණ. එහිදි කලා අංශයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරණ සිසුන්ගේ The media matrix  බ්ලොග් අඩවියද සයිබර් අවකාශයට මුදා හැරීම සිදු කෙරිණි.

රූස්ස ගස්

Image
  ✍️අශේන් ජනිශ👉 එදා ඉඳ  මහකැලේ  ගැන දන්න විඩා විඳ  සියවසක් කල් උන්න රූස්ස තාත්තා නොකියාම යන්නම ගියාම මම ගියා  කැලයට ඔහු බලන්න.. වසුරු තිබුනා  හැමතැනම පාහේ... අනේ..! පොරෝ පාරවල් වැහෙන්න... අශේන් ජනිශ 12 කලා 1 2024A/L

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරණ සිසුන් ක්ෂේත්‍ර චාරිකාවක

Image
  ද මැසනෝද් විදුහලේ උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරණ සිසුන් 2023 අගෝස්තු 04 වන දින ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගී විය.  එහිදි කැලණිය විශ්වවිද්‍යාලය හා එහි ජනසන්නිවේදන අධ්‍යනාංශය ,දෙරණ රුපවාහිනි නාලිකාව සහ දෙරණ ගුවන් විදුලි නාලිකාව ,සහ ලේක් හවුස් ආයතනය තුළ ක්ෂේත්‍ර චාරිකාව සිදු කෙරිණි.  කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ unik රේඩියෝ හි live වැඩසටහනක් සිදු කිරීමටද එහිදි සිසුන්ට අවස්ථාව හිමි විය. ද මැසිනෝද් විද්‍යාලය, කඳාන. ශිෂ්‍යයින් ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ යුනික් රේඩියෝව නැරඹීමට පැමිණි අවස්ථාව සබැදිය -  ෆේස් බුක් ලයිව් වැඩසටහන   ක්ෂේත්‍ර චාරිකාවේ අත්දැකීම්-

A SPOTLIGHT ON THE WORLD’S TOP FASHION BRANDS

Image
 ✍ Cassandra Perera 👉  Fashion is an ever-evolving form of self-expression, and the world’s top fashion brands play a pivotal role in shaping trends, defining style, and setting industry benchmarks. In this blog, we delve into the realms of haute couture and ready-to-wear, exploring the iconic names that have left an indelible mark on the global fashion landscape.   Chanel: A Timeless Legacy of Elegance Chanel stands as a symbol of classic sophistication, with its signature tweed suits, quilted handbags, and the iconic little black dress. Founded by Coco Chanel, the brand’s commitment to luxury and innovation continues to captivate fashion enthusiasts worldwide.   Gucci: Artistic Rebellion and Luxury Glamour Gucci’s distinctive aesthetic blends opulence with a hint of rebellion. From its interlocking G logo to its eclectic designs, the brand consistently pushes boundaries and redefines luxury fo...

ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යනය විෂය ඇරඹීමේ ඉතිහාසය

Image
✍ Vinudi Ovinsha 👉 ශ්‍රී  ලංකාවේ සන්නිවේදන  අධ්‍යනය  විධිමත්ව  ඇරඹීමේ ඉතිහාසය  ඉතා කෙටිය.  ශ්‍රී  ලංකාවේ පුවත්පත සහ ගුවන්විදුලිය  බිහිවු මුල්ම  යුග වලදී ජනමාධ්‍යවේදය පිළිබඳ කිසිඳු  දැනුමක්  ලබාදීමට අධ්‍යාපන ආයතනයක් හෝ පුහුණු පාඨමාලාවක් නොතිබුණි. තවද  එකල මෙම ආයතන වල  සේවය  කරනු ලැබුවේ කාලයක් ලේඛන  කලාවේ  නියලුනු ප්‍රවීණ  ලේඛකයන් හා සමාජ ක්‍රියාකාරීන් ලෙස සමාජගත වී සිටි පිරිසකි.මෙහිදී මෙම  ක්ෂේත්‍ර වලට පැමිණි නවකයෝ ඊට අදාල  වෘත්තීය  නිපුණතාව ලබා ගත්තේ ජ්‍යෙෂ්ඨයන් යටතේ  අභ්‍යාසලාභීන් ලෙස කටයුතු කිරීමෙනි. ශ්‍රී  ලංකාව  තුළ ජන මාධ්‍යවේදය පිළිබඳ ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් ලැබීම පිළිබඳව  යෝජනාව  කරන ලද්දේ එස්.ඩබ්ලියු. බණ්ඩාරනායක  මහතාය. නමුත් මෙය යථාර්ථයක් වීමට තවත්  කාලයක් ගත විය. ශ්‍රී ලංකාව තුළ ජන සන්නිවේදන විෂය ශාස්ත්‍රීයව හැදෑරීමේ ආරම්භක පියවර  ලෙස පාඨමාලාවක්ආරම්භ  වන්නේ 1968 දී දෙහිවල  කණිෂ්ඨ  විශ්වවිද්‍යාලයේදීය. ආචාර්ය  එඩ්වින් ආ...

නොනිමි සිත්තම කෙටිකතා විචාරය

Image
✍ Malith pasan 👉 කලා කෙතක් බඳුවූ සිංහල සාහිත්‍යයට තමා උපතින් ගෙන ආ ප්‍රතිභාවත් දියුණු කරගත් පරිකල්පන ශක්තියක් තුළින් උසස් රස වින්දනයක් ඇති සාහිත්‍ය නිර්මාණ දායාද කළ සාහිත්‍යධරයෙක් ලෙස කේ . ජයතිලකයන් හැඳින්විය හැකිය . සාහිත්‍ය ක්ෂේත්‍රයට ඔහු කළ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ විසින් ඔහුට රාජ්‍ය සාහිත්‍යය සම්මාන ද පිරිනමා ඇත .   මොහු විසින් රචනා කරන ලද නොනිමි සිත්තම කෙටි කතා සංග්‍රහයේ එන " නොනිමි සිත්තම " නම් කෙටිකතාව එදා මෙදා තුර පාඨක සිත් සතන් ඇද බැඳ තබාගැනීමට සමත්වූ උසස් කලා නිර්මාණයක් ලෙස අගය කළ හැකිය . ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන්නේ වර්ෂ 1955 දී පළ වූ " පුනරුත්පත්තිය සහ තවත් කෙටිකතා " යන කතා සංග්‍රහයි . ඉන් පසුව බිහි වූ සාහිත්‍ය කෘති අතරින් නොනිමි සිත්තම කෙටි කතාව ඉතා උසස් මට්ටමක පවතී . මෙතුමා විසින් රචනා කරන ලද නවකතා අතර පිතා මහ කාලෝ අයං තේ , රාජපක්ෂ වලව්ව , මහල්ලෙකුගේ ප්‍රේම කතාව ආදී ග්‍රන්ථ ග්‍රන්ථ පාඨක ජනයා අතර ඉමහත් ජනප්‍රියට පත් සාහිත්‍ය කෘති ලෙස අගය කළ හැකිය . ජයතිලකයන් විසින් රචනා කරන ලද සාහිත්‍ය කෘති වලට කතා කලාවේ එන යථාර්ථවාදී රීතිය බෙහෙවි...