මරියතුමියගේ ස්වර්ගාරෝපණය මංගල්‍යය


සෑම වසරකම අගෝස්තු 15 වන දින ශුද්ධවූ සභා මාතාව විසින් නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය සමරනු ලබයි.

මෙම මංගල්‍ය සමරනු ලබනුයේ:

1. නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව

2. පෙරදිග ඕර්තඩොක්ස් සභාව

3. ඇංග්ලිකානු සභාවට අයත් ඇතැම් කොටස්

කන්‍යා මරියතුමියගේ ස්වර්ගාරෝපණය යනු: ඕතොමෝ ගේ මෙලොව ජීවිතයේ අවසානය හෙවත් ස්වර්ගය වෙත කන්‍යා මරිය තුමිය ශාරීරික වශයෙන් ඔසවා ගැනීමය.

දෙව් පුත් මෙලොවට වැඩම කිරීමට නව ගැලවීමේ ඉතිහාසයේ මුල් පුරුකවූ නවගිවිසුමේ ඒව ගේ කීකරුකම දේව මහෝත්තමයාණන් වහන්සේ විසින් මහිමයට පමුණුවනු ලැබූ යේ එතුමියගේ ශ්‍රි සිරුර පොළොවට පස්වන්නට ඉඩ නොහැර ප්‍රාණ ශරිර පිටින් ස්වර්ගයට ඔසවාගනු ලැබීමෙනි.

ජනප්‍රවාදයට අනුව ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු මරියතුමිය ජොහාන් අපෝස්තුළුතුමා සමග සිටි බවත්, දිනක් රෝගීව සිට මියගිය බවත් පවසයි.ජුදා සිරිත් පරිදි එතුමියගෙ දේහය තැන්පත් කල පසු තෝමස් අපෝස්තුළුතුමා විසින් මරිය තුමියගේ වත මඬල අවසන් වරට දැක ගැනීමට සලස්වන ලෙස කල ඉල්ලීමට ජොහාන් තුමා සොහොන් ගෙය විවෘත කල පසු දක්නට වූයේ රෝස මල් යහනාවක් පමණක් බව ජනප්‍රවාදය පවසයි. අදත් ජෙරුසෙලමේ ඔලීව් කන්දේ කිදෝන් වැලි හි එතුමිය නිද්‍රාගත වූ බවට සැලකෙන ස්ථානයක් පවතී.

 මරිය මාතාවන් හට හිමි තැන දෙවියන් වහන්සේ විසින් ම ලබා දී ඇති බැවින් මිනිසුන් යම් යම් දේ කියමින් කතා කරන "ගැලවීම" හුදෙක් ඔවුන්ගේ පුද්ගලික ආර්ථික ලෞකික ගැලවීමක් විනා ආත්මික අධ්‍යාත්මික ගැලවීමක් නොවන බව ආදර ඔබ සැමට මතක් කරමි.

ජේසු පිහිටයි.!

සුභ මංගල්‍යය ක් වේවා.

ස්වර්ගාරෝපිත රාජේශ්වරියෙනි, අප නිසා යාච්ඤා කළ මැනව !

Comments

Popular posts from this blog

අපි ගැන

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරණ සිසුන් ක්ෂේත්‍ර චාරිකාවක

මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්