ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යනය විෂය ඇරඹීමේ ඉතිහාසය
✍Vinudi Ovinsha👉ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යනය විධිමත්ව ඇරඹීමේ ඉතිහාසය ඉතා කෙටිය. ශ්‍රී ලංකාවේ පුවත්පත සහ ගුවන්විදුලිය බිහිවු මුල්ම යුග වලදී ජනමාධ්‍යවේදය පිළිබඳ කිසිඳු දැනුමක් ලබාදීමට අධ්‍යාපන ආයතනයක් හෝ පුහුණු පාඨමාලාවක් නොතිබුණි. තවද එකල මෙම ආයතන වල සේවය කරනු ලැබුවේ කාලයක් ලේඛන කලාවේ නියලුනු ප්‍රවීණ ලේඛකයන් හා සමාජ ක්‍රියාකාරීන් ලෙස සමාජගත වී සිටි පිරිසකි.මෙහිදී මෙම ක්ෂේත්‍ර වලට පැමිණි නවකයෝ ඊට අදාල වෘත්තීය නිපුණතාව ලබා ගත්තේ ජ්‍යෙෂ්ඨයන් යටතේ අභ්‍යාසලාභීන් ලෙස කටයුතු කිරීමෙනි.
ශ්‍රී ලංකාව තුළ ජන මාධ්‍යවේදය පිළිබඳ ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් ලැබීම පිළිබඳව යෝජනාව කරන ලද්දේ එස්.ඩබ්ලියු. බණ්ඩාරනායක මහතාය. නමුත් මෙය යථාර්ථයක් වීමට තවත් කාලයක් ගත විය. ශ්‍රී ලංකාව තුළ ජන සන්නිවේදන විෂය ශාස්ත්‍රීයව හැදෑරීමේ ආරම්භක පියවර ලෙස පාඨමාලාවක්ආරම්භ වන්නේ 1968 දී දෙහිවල කණිෂ්ඨ විශ්වවිද්‍යාලයේදීය. ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ මූලිකත්වයෙන් "පුවත්පත් කලාවේදය"(Journalisam) නම් වූ පාඨමාලාවක් ආරම්භ විය. එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ ඇම්.ආර්.ඒ.ඊ.ඊරියගොල්ල මහතා එහි මූලිකත්වය දැරුවද පාඨමාලාව වසර දෙකක් වැනි කෙටි කාලයක දී අවලංගු වී ඇත.නැවතත් පුවත්පත් කලාව විධිමත්ව ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු වන්නේ 1971 තරැණ කැරැල්ලෙන් පසුවය. මේ අනුව 1973 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශය බිහිවිය. මෙම අධ්‍යන අංශය තුළ ප්‍රමුඛ ආචාර්යවරුන් ලෙස මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එච් .බී. ආරියදාස, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය එඩ්වින් ආරියදාස සහ සී.සී රණතුංග ආදී විද්වතුන් සේවය කළහ. තවද කැලණිය විශ්ව විද්‍යාලයේ මෙම විෂය ඉගැන්වූ බාහිර කථිකාචාර්යවරු වශයෙන් ආචාර්ය පියසෝම මේදිස්, ඩී .බී. නිහාල්සිංහ, කේ.ජයතිලක, විශාරද ඩබ්ලිව්. ඩී.අමරදේව ආදීහු දැක්විය හැකිය.1972 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද පුවත්පත් කලාව සඳහා ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කළ අතර එය වසරකට පමණක් සීමා විය.වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල රැසක ජන සන්නිවේදනය වඩා පුළුල් ලෙස අධ්‍යනය කිරීමට අවස්ථාව හා පහසුකම් සලසා ඇත.තවද 2006 දී 10 ශ්‍රේණියටත්, 2007 දී 11 ශ්‍රේණියටත්, 2008 දී 12 ශ්‍රේණියට ආදී වශයෙන් පාසල් අධ්‍යාපනයට සන්නිවේදන විෂය හඳුන්වා දෙන ලදී.
Vinudi Ovinsha
[12 Arts 2(2024 A/L)]

Comments
Post a Comment