නොනිමි සිත්තම කෙටිකතා විචාරය
නොනිමි සිත්තම
කෙටි කතාවට වස්තු විෂය වන්නේ ආර්ථික, දේශපාලනික බල තරඟය හමුවේ සැබෑ කලාකරුවෙකුට මුහුණ දීමට සිදුවන
අභියෝගකාරී තත්වයක් ය.එසේම සැමියා හා බිරිඳ අතර පවත්නා ඊර්ෂ්‍යා සහගත සිතිවිලිත් , පවුල් ජීවිතය තුළ ඇතිවන ගැටලුකාරී තත්වයන්
තත්ත්වයන් මෙකී කතාව සඳහා වස්තු විෂය වී ඇත.එවැනි වස්තු
විෂයයට අනුව කතාව ගලාගෙන ගලා ගෙන යාමේදී කෙටි කතාවේ අන්තර්ගතය විමසුමට ලක් කරණ
කල්හි විවිධ දෘෂ්ටිවාදයන් ඔස්සේ තවදුරටත් මෙය විග්‍රහ කිරීමට හැකි වේ. මනෝවිශ්ලේෂණ
දෘෂ්ටිවාදය ඔස්සේ කෙටිකතාව දෙස බලන විට ප්‍රධාන අංගයක් වන නිම නොවූ සිතුවම මූලික
කොටගෙන එහි සැබෑ කලාකරුවා වන අසංග තුළ ඇතිවන චර්යාත්මක වෙනස්වීම් කතුවරයා මනාව
පහදා දෙයි.
"අසංගගේ නිවසට ඇතුළු වන කෙනෙකුට මුලින්ම පෙනෙන්නේ තෙල් සායමින් අදින ලද දැරියකගේ චිත්‍රයෙකි.ඉතා ප්‍රමුඛ ලෙස ප්‍රදර්ශනය කර ඇතත් අසංග මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැත. උනන්දුවක් දක්වන්නේ නැත යන්න ඇතැම් විට වැරදි විය හැකිය. එසේනම් ඔහු ඒ දෙස බලන්නේ නැතැයි කිව යුතුය. සති කිහිපයකට පෙර මේ චිත්‍රයෙන් මෙතනට ආ දින සිට සවසට ගෙට එන්නේද ගරාජයේ සවිකොට ඇති අංශ දොරටුවෙනි. "
පූර්වෝක්ත පාඨය තුළින් තුළින් පෙනී යන්නේ,
ඔහු විසින් අඳින ලද ඔහුගේම චිත්‍ර තුළින් ඔහුගේ මනස තුළ
නොසන්සුන්තාවයක් ඇති කරන බවයි.මෙහිදී
පූර්ව අත්දැකීම් මාධ්‍ය ඇසුරු කිරීමේදී විවිධ ආකාරයෙන් බලපාන බව අපට පැහැදිලි වේ.කාලයක්
ආසාවෙන් අඳින ලද මෙම සිතුවම පිළිබඳ අද වන විට ඔහු කෙරෙහි පවත්නා අකමැත්තට පිළිකුලට
හේතුව කුමක්ද යන්න අවබෝධ කරගත යුතුය.මෙහිදී
මෙම සිතුවම ඔහුගේ සිහි කල්පනා වන්හි සැඟවුණු සිතුවිලි වලට ආමන්ත්‍රණය කරයි.
මෙහි එන නොනිමි සිත්තම සංකේතාත්මකය. මෙහි
නොනිමි සිතුවම මගින් තරුණියකගෙ කරුණකදී සම්පූර්ණ නොවූ විදිය නොවූ විදිය නිරූපණය
කරන අතර තවත් අතකින් මෙය භෞතික වශයෙන්ම ඇඳ නිම නොකළ චිත්‍රයක් ද විය හැකිය.
"මෙම පින්තූරය ප්‍රමාණයෙන් කුඩා වුවද ප්‍රසිද්ධියෙන්
කුඩා නොවේ.
එය රූපවාහිනියෙන් ද
පෙන්වනු ලැබින. පුවත්පත්වල එහි ඡායාරූප පළ විය. ගුවන්විදුලියෙන් සාකච්ඡා කෙරිණ.අද මේ නිවසට එන චිත්‍ර කලාව දන්න නොදන්නා කවුරුත් එය අගය කරති. වර්ණනා කරති.
නැත්නම් ඒ අයුරින් කතා කරති."
ඉහත උද්ධෘතය මගින් මගින්
පැහැදිලි වන්නේ මාධ්‍ය විසින් මිනිසාට සිදු කරනු ලබන චිත්තවේගී බලපෑමයි.චිත්‍රයෙහි අන්තර්ගතය
මතුපිටින් දකින පුද්ගලයා එය සාර්ථක වූ වටිනා නිර්මාණයක් ලෙස අගය කළ ද එහි සැබෑ
කලාකරුවාගේ අදහස වෙනත් අදහසක් විය හැකිය. අසම්පූර්ණ සිතුවමක් වුවත් එය
දකින ප්‍රේක්ෂකයා එකී අසම්පූර්ණ භාවය තුළින් කලාත්මක අගයක් අත්දකියි. මෙහි සැබෑ කලාකරුවා වන අසංග
එහි කිසිම අපූර්වත්වයක් නොදකියි.මන්ද එකී අසම්පූර්ණ බවට හේතුව දන්නේ ඔහු පමණක් වීම
නිසාය.
අසංග යනු පූර්ව අත්දැකීම් මත පිහිටා සැමවිටම
කටයුතු කරන පුද්ගලයෙකි. එකී
අත්දැකීම් මත පිහිටා අසංග තම දෛනික ක්‍රියාකාරකම් වල චර්යාත්මක වෙනසක් ද සිදුකර
ගෙන ඇති බව පහත නිදසුන මගින් අවබෝධ කරගත හැකිය.
"ඔහු කවදාවත් පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්තියෙහි
මාතෘකාව මුලින් කියවන්නේ නැත.
එය තමාට අදාළ නොවන අනවශ්‍ය ප්‍රවෘත්තියක් හැටියට ඔහුගේ සිතට කාවැදී ඇත. විශේෂ ප්‍රවෘත්තියක් හැටියට සලකන්නේ මිනිසුන් ඒ ගැන කතා කතාබස් කරනු
ඇසුනොත් පමණකි."
මෙහිදී
ඔහු කෙරෙහි පුවත්පත පිළිබඳ පවත්නා හැඟීම සෘජුව ප්‍රකාශ කරයි.ඕනෑම
පුවත්පතක මුල් පිටුවේ ඇත්තේ තමාට අදාළ නොවන තොරතුරු බව ඔහු නිතරඟයෙන්ම සිතාගෙන
සිටී.එසේම
අසංගට කලා ජීවිතයෙන් සමුගෙන කරවල වෘත්තිකයකුගේ ජීවිතයට පිවිසීමට සිදු වූයෙන්,
ඔහු පෙර සිටි ක්ෂේත්‍රයේම සහෘදයන් විසින් ඔහුට සිදුව ඇති දෙය අපහාසාත්මක අයුරින්
නිරූපණය කරන්නට විය. එය
ඔහුටත්, ඔහුගේ පුවත්පත් ආයතනයටත් ගැසූ මඩ පහරක් වැනිය.
"කලාකරුවන්ගේ ඉරණම මහජන අවධානයට යොමු කිරීමට, නැතහොත් තමන් කලාකරුවන්ගෙ ගැලවුම්කරුවන් ලෙස
කටයුතු කරන බව පෙන්වීමට අදහස් කළ පත්තරකරුවෝ ඔහු කරවල බක්කිය ඉදිරිපිට සිට වෙළදාම්
කරන සැටි ඡායාරූපයකට ගෙන පළ කළහ.
අසංග සාමාන්‍යයෙන් පුවත්පත් ප්‍රචාරය පසුපස නොගිය පුද්ගලයකු වුවත් සිතේ
නොසන්සුන්කම නිසා ඒ සියල්ල ඉවසිය.
මිනිස්සු ඒ වෙලාවට කම්පා වූහ.
දින දෙක තුනකින් තුනකින්ම කම්පාව සිඳී ගියේය."
මෙහිදී අපට නැවත නැවතත් තහවුරු වන කරුණක්
වන්නේ, මාධ්‍ය
විසින් පුද්ගලයා කෙරෙහි සෘජුවම චිත්තවේග බලපෑමක් ඇති කරන බවයි.
පුවත්පතෙහි පළ වු
අසංගගේ ඡායාරූපය දැක, ඔහු
පිළිබඳ දන්නා පුද්ගලයින් කම්පාවට පත්වූ බව පැහැදිලිවම පූර්වෝක්තපාඨයෙහි සඳහන් වේ.එසේම
එවැනි ඡායාරූපයක් දැකීම තුළින් අසංග තුළද කිසියම් නොසන්සුන්කාරී බවක් ඇති වූ බව
පැහැදිලිය.මෙය
මනෝ විශ්ලේෂණාත්මක මනෝවිශ්ලේෂණාත්මක අයුරින් එසේ විග්‍රහ කළත් මේ පිටුපස ඇති
ගැඹුරු මාක්ස්වාදී දර්ශනයේ න්‍යායක් සැඟව ඇත.
එනම් පුවත්පතක මාධ්‍යවේදීන් ඔවුන්ගේ මුනිවත රැකීම පිණිස හා
ඔවුන් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා,
ජනතාව වෙනුවෙන් කැපවන බව පෙන්වීමට ක්‍රියා කරන ආකාරය ඉහත නිදසුන තුළ මනාව සඳහන්
කිරීමට ජයතිලකයන් කටයුතු කර ඇත.අසංග
කරවල බක්කියත් ළඟ සිට කරවල විකුණන අවස්ථාව අසංගට දුක්බර වුවත්,
එය මාධ්‍යවේදියාට දුක්බර නොවේ.
එය ඔහුට සතුටුදායක මෙන්ම වාසිදායක අවස්ථාවකි.
මන්ද ඒ තුළින් ඔහුට ආර්ථික වාසි මෙන්ම ජනතා ප්‍රසාදය ලබා ගත හැකි නිසාය.
මාධ්‍ය සාක්ෂරතාවයෙන් ඌන සමාජයක වෙසෙන පුද්ගලයෙකු එම පුවත
දකින්නේ මාධ්‍යවේදීන් විසින් කලාකරුවන්ගේ අනාගතය උදෙසා පෙනී සිටින බවයි.
එහෙත් එහි යථාර්ථය වන්නේ මාධ්‍ය මාධ්‍යවේදියා මාධ්‍යවේදියා ස්වකීය
අභිවෘද්ධි උදෙසා සිදුකළ සිදු කළ දෙයක් බවයි.මාධ්‍ය
තුළ පවතින ආර්ථික,
සංස්කෘතික පදනමත් හා බලය,
මුදල් ඉලක්ක කොට මාධ්‍ය නිර්මාණ වන බව මෙයින් පැහැදිලි වේ.
මාක්ස්වාදී විචාර දෘෂ්ටියට අනුව පූර්වෝක්තපාඨය
අධ්‍යයනය කිරීම තුළින් තහවුරු වන තවත් කරුණක් වන්නේ කලාකරුවාගේ අනාගතය සුරක්ෂිත
නොවන බවයි. මෙහිදී
ඡායාරූප ශිල්පීන් විසින් ගනු ලබන්නේ අසංග නම් කලාකරුවා තම කලා ජීවිතය අසාර්ථක
වීමත් සමඟ,
කරවල කඩේක වැඩ කරන අයුරු දැක්වෙන පින්තූරයකි.
එමගින් එකී පුවත්පත් ආයතනය මගින් සමාජගත කිරීමට දරන මතය නම් වර්තමාන
කලාකරුවාගේ අනාගතය අනාරක්ෂිතවූත් අස්ථාවරවූත් එකක් බවයි.
කලාකරුවා හට දේශපාලන,
ආර්ථික හෝ සංස්කෘතිකමය වශයෙන් සුරක්ෂිත භාවයක් නොමැති බවද මෙමඟින් තවදුරටත් තහවුරු කිරීමට කතුවරයා සමත්
වෙයි.
අසංගගේ බිරිඳ වන මාලනි විසින්
අසංගට හිමිවිය යුතු ගරුත්වය හා ජන ප්‍රසාදය
බලෙන් පැහැර ගත් බව නොරහසකි. එය
ඉදිරියට කතාව අධ්‍යයනය කරගෙන යාමේ දී පැහැදිලි වේ.මාලනී
කෙරෙහි මුලදී පැවැත්වුණු මෘදු මොළොක් මොලොක් භාවය රැකියාව තුළින් ලත් ගෞරවයත් සමගම
කෙමෙන් කෙමෙන් ගිලිහී යන්නට විය. එය
අසංග අසංකගේ සිතට නොරුස්සනා කරුණක් විය.කල්යත්ම
එම ස්වභාවය ඇඟෙන් තුරන් කිරීමට නොහැකි බව අසංග තීරණය කලේය.ඇගේ යෙහෙළියන් සමග ඇය
ඇගේ සතුට සමරද්දී ලඟට එම සතුට බෙදා ගැනීමට නොහැකි වූයේ මාලනී කෙරෙහි අසංග තුළ
පවත්නා කලකිරීම නිසා විය හැකිය.එවැනි අවස්ථාවක අසංග වැනි දස දහසකුත් පුරුශයින්ගේ සිතිවිලි
වලට ආමන්ත්‍රණය කරන කතුවරයා කෙටි කතාව මෙසේ නිමා කරයි.
" මගට
බට නමුත් අසංකට යන්නට තැනක් නොතිබිණ. ඔහු මඟ නතර වී යමක් නිශ්චය කරන්නට උත්සහ උත්සහ කරන්නාක් මෙන්
මද වේලාවක් කල්පනා කලේය. ' යන්න ඕනෑ ශීලගෙ ගෙවල් පැත්තෙ.' ' සර්
නේද කලාකාරයෙක් වෙන්න තිබුණේ ?'
"
මෙහිදී පෙනී යන කරුණක් වන්නේ අසංග කෙරෙහි තම බිරිඳ වන මාලනීට වඩා තම
වෙළෙඳසැලේ සේවිකාවක වන ශිලා කෙරෙහි කිසියම් හැඟීමක් මතු වෙමින් පැවති බවයි.
මන්ද තම බිරිඳ වන මාලනි තුළින් ඔහු මුලින් දකින ලද ස්ත්‍රිය
වර්තමානය වන විට දැකීමට නොහැකි නිසා, ඇය
පිළිබඳ ඔහු කෙරෙහි තරමක අප්‍රසාදයක් ඇති වන්නට ඇත.මෙහිදී
අසංග විසින් මාලනී ව කිසියම් ඒකාකෘතිකරනයකට ලක් කිරීමට උත්සහ උත්සාහ ගත් බැව් පෙනේ.
එනම් ස්ත්‍රිය එක සේ ,එක
විදිහටම තම ජීවිත කාලය පුරාම හැසිරිය යුතු බවයි.
ඇයට කිසිදු රැකියාවක් කර ජීවිතයේ අභිවෘද්ධියක් ඇති කර ගැනීමට අවස්ථාවක් නැති බව
මෙහිදී අසංගගේ සිතුවිලි තුළින් නිරූපිත ය.ස්ත්‍රීවාදය
ඔස්සේ නොනිමි සිත්තම කෙටි කතාව විචාරයට බඳුන් කරන්නෙකුට මෙහිදී මාලන් ඉව මාලනී ව
ඒකාකෘතිකරණයකට ලක්කිරීමට අසංග විසින් තරමක
සාක්ෂි ලැබේ . ඇතැම්
විටෙක අසංග ට අවශ්‍යව ඇත්තේ මාලනී ව නිවසටම තියා කොටු කර තිබීමට නොව,
මාලනී තම රැකියාව තුළින් උසස් තත්වයකට පැමිණ සිටියදීම, ඇය
කෙරෙහි කලින් පැවති මෘදු මොළොක් ස්වභාවය ඔහු ඇය තුළින් නැවතත් අපේක්ෂා කරනු ඇත.එකී
සංවේදී වූ නිහතමානී මාලනී ව නැවත පෙර සිටි තත්ත්වයට ලබාගත නොහැකි වන්නේ මේ වන
විටත් මාලනී දේශපාලනික හා ආර්ථික වශයෙන් කිසියම් බලපෑමකට ලක්ව ඇති නිසාය. ඇයට
පවත්නා චිත්‍ර හැකියාව නිසා ඇයට ලැබී තිබෙන වටිනාකම මාධ්‍ය මගින් උසස් කර තබන අතර
එමගින් ඇයට ලැබෙන ප්‍රසිද්ධිය හේතුකොටගෙන දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයන්හි කැපී
පෙනෙන ලක්ෂණයක් බවට ඇය පත්ව ඇති හෙයිනි.එය
මාක්ස්වාදී දෘෂ්ටිකෝණයෙන් බලන පුද්ගලයෙකුට මනාව පැහැදිලි වෙයි.
"ඈ
ඕනෑම රජයේ කාර්යාලයකට සැකක් බියක් නැතිව ඇතුළු වන්නීය. 'මම
මහමග පත්තරෙන්, නම මාලිනී ' කියා පුටුවක් ඇද වාඩි ගන්නීය. එවිට
නිලධාරියාද සුහද සිනාවක් පා ඇය සමඟ කතා කරයි."
"ඇමතිවරුන්ගේ,
මන්ත්‍රීවරුන්ගේ, නිලධාරීන්ගේ උත්සවවලට ඇයට ආරාධනා ලැබිණ. ඇගේ
මුළු වැටුප වියදම් වූයේ මේවට ඇඳුම් පැළඳුම් හා සුවඳ විලවුන් ගැනීමටය."
මාක්ස්වාදී විචාරාත්මක දෘෂ්ටිකෝණයෙන් බලන
පුද්ගලයාට මෙමඟින් ධනය හා බලය පිළිබඳ අසමතුලිතතාව සහිත සමාජීය ආයතන මාධ්‍ය විසින්
ශක්තිමත් කරනු ලබන ආකාරයත්, මාධ්‍ය ආධිපත්‍ය මගින් සමාජය මෙහෙයවනු ලබන ආකාරයත් මනාව
පැහැදිලි වේ.චිත්‍ර
කලාව තුළින් මාලනි විසින් අත්පත් කරගත් කරගත් ජයග්‍රහණය මත ඇයට සෑම ඉහල සමාජ
ස්ථරයක ම සිටින පුද්ගලයින්ව ඇසුරු කිරීමට හැකියාව ලැබේ
චිත්‍ර කලාව,
සංගීතය,
සාහිත්‍යය ආදිය මඟින් මිනිසෙක්,
සමාජයක්,
රටක් හා ලෝකයක් වෙනස් කළ හැකි බව තහවුරු වන තවත් සිද්ධියක් කතුවරයා විසින් නොනිමි
සිත්තම කෙටි කතාව තුළ ඇතුළත් කර ඇත්තේ මෙසේය.
"මේකුන් කොළඹ මහජන වැසිකිලියකට ගිහින් නැතිව ඇති.
නැත්නම් ඒවායේ තරම් උසස් චිත්‍ර තියෙනවද වෙන කොහේවත්! ඒවට
තමයි කියන්නේ මලබද්ධ චිත්‍ර කියලා."
මෙහිදී කිසිම ඇගයීමකට ලක් නොවන අසංගගේ චිත්‍ර
පරික්ෂා කරන චිත්‍ර විචාරකයින් පිළිබඳ කතුවරයා දරන අදහස එවැන්නකි.කොළඹ
මහජන වැසිකිලිය යනු කොළඹ නගරයේ වෙසෙන පුද්ගලයින් හා පිට පළාත්වලින් එන්නවුන්ගෙන්
නිතරම ගහන ස්ථානයකි.එහි
විවිධ සමාජ මට්ටම්,
විවිධ පරිසර වල ජීවත් වන මිනිසුන් සහ විවිධ සාක්ෂරතා මට්ටම් ඇති පිරිස් සැරිසරති.එසේම
ඔවූන් ආගමික වශයෙන්, සංස්කෘතික
වශයෙන් හා ස්ත්‍රී පුරුෂ භාවයෙන් ද වෙනස්ය.
එහිදී ඔවුන් තුළ පවත්නා අත්දැකීම් එකිනෙකට වෙනස්වන අතර ඒවා
විවිධත්වයකින් යුක්ත ය. ඔවුන්
තුළ පවත්නා මානසික මට්ටම් ද එකිනෙකට වෙනස්ය.
එවැනි පුද්ගලයින් විසින් කොළඹ මහජන වැසිකිලි වැනි ස්ථානයක තම
අදහස්,
තම සිතට නැගෙන සිතිවිලි, විවිධ
පීඩන තත්වයන් ආදී සියල්ල නිදහස් කර දමන්නේ එහි ඇති බිත්ති, දොරවල් ආදියෙහි කුමක්
හෝ ලිවීම හෝ චිත්‍රණය මඟිනි.කතුවරයා
විසින් එම චිත්‍ර දකින්නේ ඉතා උසස් වූ භාවපූර්ණ සිතුවම් ලෙසට ය.
එමගින් පැහැදිලි වනුයේ,
මාධ්‍ය විසින් පුද්ගලයා වෙත සිදුකරන බලපෑම මගින් පුද්ගලයා ලත්
පූර්ව අත්දැකීම් මත පුද්ගලයා විසින් විවිධ වූ නිර්මාණයන් බිහි කරන බවයි.එළෙස
මාධ්‍යය විසින් පුද්ගලයාව මෙහෙයවන බවට තවත් සාධකයක් මෙම කෙටිකතාව තුළ අන්තර්ගත වේ.
ප්‍රථම වරට අසංග විසින් ශිලාව දකින ලද
අවස්ථාව හා අසංග සහ ශිලා විවාහ වූ පසුව සිටින ආකාරය පෙන්වා දී ඇති අයුර මගින් පෙනී
යන්නේ ජයතිලකයන් විසින් පෙර අධ්‍යනය කරනු ලැබූ පුරාතන ගද්‍ය කෘති වල ආභාෂය ලැබී
ඇති බවයි.
"රන්වන්
ඇගේ සමයෙහි මෘදු බව අතින් නොව, ඇසින් ස්පර්ශ කිරීමෙන් වුව ද හැඟිය හැකිය. ' අත රන්වන්
පය රන්වන් කිඳුරු ළඳේ ' යන ඔහු ප්‍රිය කරන සඳකිඳුරු නාටක කවිය ඔහුට නිකම්ම මතක් විණි."
"ස්වර්ණතිලකා තුරුල්ලට වී සිටි උද්දාල බමුණා මෙන් හෙතෙම මාලනී
අවට ලැගෙන්නට විය. ඔහු අදිමින් සිටි චිත්‍රය චිත්‍රාගාරයේ මුල්ලක තැන්පත් විය."
උසස් සාහිත්‍ය කෘති පරිශීලනය කිරීම තුළින් පුද්ගලයා
තුළ පරිකල්පන ශක්තියක් ගොඩනැගේ. එමගින්
පුද්ගලයාට හරබර නිර්මාණ බිහි කිරීමට බිහි කිරීමට හැකියාව ලැබේ.ඒ
බව ඉහත උද්ධෘතය තුළින් මනාව පැහැදිලි වේ.
ජයතිලකයන් විසින් පූර්වයෙහි ලත් දැනුම මත මෙවැනි කලාත්මක
සාහිත්‍ය කෘතීන් බිහි කිරීමට ඔහුට හැකියාවක් ලැබී ඇත.
අසංග මාලනී සමග විවාහ වුණු පසුව දෙදෙනාටම
රැකියාවක් නොතිබූ බැවින් ආදායම් මාර්ගයක් සොයමින් සිටි ඔවුන් දෙදෙනා විසින්
පුවත්පත් ආයතනයක චිත්‍ර ශිල්පීන් සඳහා තිබූ ඇබෑර්තුවකට අයදුම් කරන ලදී.
"අසංගගේ
සහතික හා චිත්‍ර පරීක්ෂා කර බැලූ කතුවරයා ඔහුගේ චිත්‍ර ඉතා උසස් තත්වයක පවතීයැයි
වර්ණනා කළේය. ඒවා අර්ථවත් වන්නේ ද රස විඳිය හැකි වන්නේ ද විදග්ධ පිරිසකට
පමණකි. පොදු ජනයා අතර බහුල වශයෙන් ප්‍රචාරය වන ප්‍රවෘත්ති පත්‍රයකට
එවැනි චිත්‍රවලින් වැඩක් ඇත්ත යන සැකයද ඔහු ඒ අතර ම පළ කළේය"
මෙමගින් පැහැදිලි වන්නේ ජන මාධ්‍යයක් වන
පුවත්පත් මාධ්‍ය තුළ එහි ආයතන ප්‍රධානීන් විසින්ද තම පාඨක ප්‍රජාව වෙත ලබා දෙනුයේ
සරල විනෝදාස්වාදයක් ලබා ගත හැකි අවර ගණයේ
තොරතුරු ඇතුළත් සන්දේශ බවය . උසස්
රසවින්දන හැකියාවක් නොමැති සමාජයකට එකී උසස් රසවින්දනය ලබාදීමේ වගකීම ද අයත් වන්නේ
ජනමාධ්‍ය වලට ය. වර්තමානය
වන විට සාපේක්ෂව මහජනයා විසින් ඇසුරු කරනු ලබන්නේ ජනමාධ්‍යයයි.
එකී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත මාධ්‍ය සාක්ෂරතාවක් හා මාධ්‍ය විචාරශීලී හැකියාවක්
ලබා දුන් පසුව ඔවුන් තමන් වෙත ලැබෙන සන්දේශ විචාරාත්මකව ගෙන ඊට අනුගතව ක්‍රියාකරයි.
නමුත් මෙහිදී පුවත්පත් ආයතනය විසින් ජනතාවගේ එකී අයිතිවාසිකම අහිමි
කරන අතරම, සැබෑ
කලාකරුවාටද කරන්නේ අසාධාරණයකි.එසේම
මෙහිදී පුවත්පත් ආයතනය විසින් බලාපොරොත්තු වන ජනප්‍රිය සංස්කෘතිය මගින් අසංග
අනුගමනය කරනු ලබන සම්භාව්‍ය සංස්කෘතිය මැඩපවත්වයි. එමගින් සිදුවන්නේ දේශීය මානව සමාජය සාමාන්‍ය
බුද්ධි මට්ටමක් ඇති,
මධ්‍යම ප්‍රමාණයේ හැකියාවන් ඇති,
මතුපිට දැක්මක් පමණක් ඇති,
පිරිසක් බවට පත් වීමයි.
මේ අතර මාලනී අසංග මින් චිත්‍ර ඉගෙන ගැනීමට
පෙර වෙන චිත්‍ර ගුරුවරයෙකු වෙත ගොස් චිත්‍ර විෂය හදාරා ඇත.
මෙම අවස්ථාවේ දී ජයතිලකයන් විසින් පෙන්නුම් කිරීමට උත්සාහ
දරන්නේ චිත්‍ර කලාව නැතහොත් සමස්ත කලාවම වාණිජකරණයට ලක් ව ඇති බවයි.
"කුඩා
කල සිටම ඒ චිත්‍ර ගුරුවරයෙක් වෙත යැවූහ. ඔහු
ස්වභාවික චිත්‍ර ඇඳි මහලු වාණිජ සිත්තරෙක් විය. 'අපේ
රටේ චිත්‍ර කියන්නේ බූරුවෙක් ඇඳල ' මිනිහෙක් ' කියලා නම් කරන එවුන්ට එතකොට තමයි,
නොයෙක් නොයෙක් ගැඹුරු අර්ථ ඉදිරිපත් කරන්නේ."
මෙහිදී කලාකරුවා හා කලාව යන දෙකම ගෝලීයකරණයට
ලක් වීම තුළින් වාණිජවාදී මුහුණුවරක් ගෙන ඇති බව පැහැදිලිය.
මාලනී විසින් මුලදී චිත්‍ර ශිල්පය හැදෑරූ මෙම ගුණේරිස් මාස්ටර්
විසින් මූලික අරමුණු අභිබවා තම හැකියාව,
වාණිජවාදී අරමුණු පෙරදැරි කරගනිමින් සිදුකරනු ලබන මෙම ක්‍රියාව කලාකරුවෙකුට උචිත
නොවන බව කතුවරයා විසින් පාඨකයාගෙ මනසෙහි ස්ථාවර කිරීමට උත්සාහ කරයි.එසේම
සැබෑ කලාකරුවා කෙබන්දෙක්ද යන්න අසංගගේ චරිතය තුළින් මෙසේ පෙන්වා දෙයි.
"මෙවිට
ඔහුගේ චිත්‍ර ප්‍රිය කළ අය මෙන්ම, ප්‍රිය නොකල අයද, ඔහුගෙන් ඉගෙනීමට පැමිණියහ.
වැඩිහිටියෝ තම දූ දරුවන් ඔහු කරා එවූහ. ඔහු ගාස්තු වශයෙන් අය කළේ ඉතා සුළු මුදලකි. තමන්
සතු දැනීම, දක්ෂකම අනුන්ටද ලබාදීම හැරෙන්නට ඉන් මුදලක් ඉපැයීමක් ඔහු
අපේක්ෂා කළේ නැත. එය අවශ්‍යද නොවීය."
කලාත්මක ඇසින් ලොව දකින්නෙකුට තමා අවට සිටින
පිරිස් ද තමා වෙත ආකර්ෂණය කර ගැනීමට හැකියාවක් ලැබේ.
එමගින් ඔහු මිලමුදලට එහා ගිය වටිනාකමක් තම ජීවිතයට එක් කර ගනී.
ඒ බව අසංග නම් කලාකරුවාගේ චරිතය තුළින් අපට මනාව පැහැදිලි වෙයි.චිත්‍ර
ඉගෙන ගැනීමේ අරමුණින් අසංග වෙත පැමිණෙන මාලනී ගැන අසංකගේ සිතෙහි යම් කිසි හැඟීමක්
හටගනී. එය
දැනහැඳුනුම්කමක් ද, මිතුදමක් ද,
ප්‍රේමයක් ද යන්න පිළිබඳව දන්නේ අසංග පමණකි.මාලනී
පන්තියට එන සෑම දිනයකම අසංග විසින් මාලනී ව දකින ආකාරය මෙහිදී නිරූපනය කරයි.
"කවදත්
ඈ පන්තියට පැමිණියේ ඉතා චාමට ඇඳ පැළඳගෙනය. කුඩා අරුංගල් දෙකක් ලාගෙන,
ඇතැම් දිනක සිහින් මාල පටක් ද බැඳගෙන ආ නමුත් ඈ වඩාත් ලස්සන යැයි අසංගට හැඟී ගියේ
මාල පට ද පවා නැතිව සිටි කල්හි ය."
"ඇගේ
අති ධවල සුදු ඉංගිරියාව මැද දීප්තිමත් කළු ඉංගිරියාව ඔබම බදු වන සැටි! පස්
විසි හැවිරිදි ගුරුවරයාගේ හදවත ඉන් හීයකින් මෙන් පසාරු වීගෙන යයි. ඈ
ක්ෂනයකින් තම බැල්ම පහත ගනී. ඒ බැල්ම, ඒ සින්දු තොල්,ඒ සිහින් නැහැය පතා අසංග යළිත් වරින්වර ඒ දෙස බලයි."
"මේ
සුන්දරත්වයෙන්, මේ දැරියගෙන් චිත්‍ර කලාවට ගත හැකි ප්‍රයෝජනයක් නැද්ද?
මොනාලිසා තරම් චිත්‍ර කලාවට සේවයක් කළ තවත් කාන්තාවක් වේද?
මාලනීට නව මොනාලිසාවකගේ නොවිය හැකිද
?"
පූර්වෝක්තපාඨයන් මගින් පැහැදිලි වන්නේ
කතුවරයා විසින් කෙටිකතාව තුළින් කාන්තාවගේ ශරීර ස්වභාවයත්, ඒවාට පුරුෂයෙන් ආකර්ෂණය
වන ආකාරයත් ය.එසේම ස්ත්‍රියක් සතු මෘදු මොළොක් ස්වභාවය ද නිරූපණය කරයි.මෙම
කෙටිකතාව නම් මාධ්‍ය තුළ දී ස්ත්‍රීවාදී විචාර දෘෂ්ටිකෝණයට අනුව මෙය බලන කෙනෙකුට
පෙනී යන්නේ, මෙමගින්
ස්ත්‍රියව ඒකාකෘතිකරණයකට ලක් කර ඇති බවයි.
එනම් දැරියක් නම් ඇය සිනිදු,
මෘදු බවකින් යුක්ත අලංකාර වස්ත්‍රාභරණ ඇඟලා ගත් ඇඟලා ගත් පුද්ගලයෙක් ලෙස පෙන්වයි.
ලොව වසන සෑම දැරියක් ම එසේ නොවේ විවිධ ආර්ථික අපහසුතා,
ගැටලු හා විවිධ හේතූන් මත ඔවුන් විවිධත්වයක් දරයි.
එය ස්ත්‍රීන්ට මෙන්ම පුරුෂයන්ටද පොදුවේ.මෙවැනි
ඒකාකෘතිකරණයකට ලක්වීමක් ශීලාගේ චරිතය තුළින් ද කතාවේ නිරූපණය කරයි.
"දිනක්
සිහින් සිරුරකින් හෙබි සුරූපී තරුණියක් අසංගගේ කාර්යාලයට ඇතුළු ව කෙලින්ම ඔහු කර
ආවාය."
"මේ
තරම් හැඩ ඇඟකට මෙවන් මොරොස් පෙනුමක් කොහෙන් නම් ආරූඪ වූයේ ද?
දෙන්නට රක්ෂාවක් නැතැයි කියන්නට ඔහුට මුලදී සිතුණත් නැවත අනුකම්පාවක් ඇති විය."
"ඔහු
ඇය සිල්ලර වෙළඳ අංශයෙහි සේවයට යෙදවීය මේ එම අංශයට ගැහැනියක යෙදවූ පලවෙනි වතාව විය.
එහෙත් ඈ පිරිමි පරයමින් උදේ සිට හවස් වනතුරු කරවල අතපත ගාමින් වැඩෙහි නිරත වූවාය. උදේ
සිට කරවල අත ගෑවිට හවස් වන විට අත හම ගියාක් මෙන් වෙයි. එය
ගැහැණු අතකට ඔරොත්තු නොදෙන තරම් වූ නමුත් ඈ තුළ කිසිදු පසුබෑමක් නොදක්නා ලදී."
ඉහත උද්ධෘතය මඟින්,
කෙටිකතාව තුළ තවදුරටත් ස්ත්‍රියව ඒකාකෘතිකරණයකට ලක් කරයි.
දෑත වෙහෙසට පත්වන, විශේෂයෙන් සමාජය විසින් පිලිගන්නා බරවැඩ යනුවෙන්
හැඳින්වෙන රැකියාවන් කළ හැකි වන්නේ පුරුෂයන්ට පමණක් බවත්,
ඒවා ස්ත්‍රීන්ට කළ නොහැකි බවත්, කලාතුරකින්
ස්ත්‍රීන්ට එම හැකියාව පවතින බවත් කතුවරයා පෙන්වා දෙයි.පුද්ගලයෙකුට
තමාගේ ජීවිතයේ පවත්නා අභියෝග,
අරමුණු ජය ගැනීමට නම් ඔහු ස්ත්‍රියක්
වුවත්,
පුරුෂයකු වුවත් තම ගතේ පවත්නා වීර්ය පසෙකලා,
සිතේ වීර්ය ගතට ගෙන කුමන හෝ රැකියාවක යෙදෙමින් තම අරමුණු,
අභිලාෂයන් ඉටු කර ගැනීමට වෙහෙස වෙයි.ඒ
අනුව බලන කල මෙහිදී ශීලා සතුව ද පවතින්නේ ඇගේ අරමුණු හා බලාපොරොත්තු ඉටුකර ගැනීමට ගන්නා
නොපසුබට උත්සාහය නොවේද ? ඕනෑම
ස්ත්‍රියකට තමාගේ සිරුර තමාට රුචි අයුරින් තබා ගැනීමට නිදහස තිබේ.
නමුත් එකී ස්ත්‍රිය දෙස බලන යම් පුද්ගලයෙකුට ඇගේ සිරුර හෝ සිතන පතන ආකාරය පිළිබඳව
ගැටලු මතුවේ නම්,
එහිදී ප්‍රශ්නය පැන නගින්නේ එසේ ස්ත්‍රිය දෙස බලන පුද්ගලයා තුළයි.
මන්ද,
ඔහු දැක තිබෙන්නේ ඒකාකෘතිකරණයකට ලක්වූ ස්ත්‍රියකි.
ඔහු සෑම විටම උත්සහ කරනු ලබන්නේ එකී ස්ත්‍රී ආකෘතියට අනුව තවත්
ස්ත්‍රියක් දැකීමටය.මෙහිදී
අසංග දකින ශීලාගේ ශරීරය අනුව ඔහු ගොඩ නගා ගනු ලබන්නේ ඉතා මෘදු මොළොක් ස්ත්‍රියකි.
නමුත් සැබෑවටම ඇසුරු කළ විට පෙනී යන්නේ සිතූ ආකෘතියට අනුගත
නොවන ස්ත්‍රියක් ඇය තුල සිටින බවයි.එවන්
අවස්ථාවල බොහෝ මිනිසුන් කරන්නේ එකී ස්ත්‍රියව විවේචනය කරමින්,
තමන් විසින් ගොඩනගා ගත් ආකෘතියට අනුව එකී ස්ත්‍රියව
හැඩගැස්වීමට ය.එසේම
මෙහිදී ශීලාව ලිංගික උපකරණයක් බවට ද පත්
කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇත. එසේම,
මෙහිදී ස්ත්‍රියව අවප්‍රමාණය කරන ආකාරය මැනවින් නිරූපණය කරයි.කතුවරයා
විසින් එකී අවස්ථාව ස්ත්‍රියව අව ප්‍රමාණය කිරීමේ අරමුණින්ම යොදා ගත්තත්,
නැතත් කෙටිකතාව කියවන පාඨකයා හට අවබෝධ වන්නේ ස්ත්‍රිය අවප්‍රමාණය කිරීමකි.
"දිවා
භෝජන අවස්ථාව පැමිණෙන විට ශිලා ඔහුගේ මේසය පිළියෙළ කොට වතුර හා අත් පිස්නා ද ඒ ඒ
තැන්වල තබන්නේය. තමා ඉතුරු කල ඉඳුල් ටික කන්නයි කීවත්, කන
තරමට ඈ කීකරු යැයි ඔහුට සිතේ. වරක් හෙම්බිරිස්සාව හැදෙන්නට ඔහු කිඹුහුම් අරිනු දුටු ඈ පසුවදා
ගෙදරින් කොත්තමල්ලි බෝතලයක් තම්බා ගෙනවුත් තිබුණි."
"අසංගට
ශීලා වෙනස් සේවකයන්ට වඩා ප්‍රයෝජනවත් විය. ඇය
ඕනෑම කාර්යයක් සඳහා නොපැකිළ යැවිය හැකි තැනැත්තියක් වූවාය. නෑ
බෑ කීම ඇයට නුහුරු විය."
"ඈ
පියන් ලබා දොර ඇරවාගෙන අසංගගේ මේසය පිස දමා, බිමද
අමදින්නීය. උදෑසන පත්තර ටික ගෙනවුත් නමා මේසය මත තබයි. ඉන්පසු
අසංග එන තුරු පාර දිහා බලාගෙන ඉන්නීය."
මෙහිදී ශීලාගේ ගේ චරිතය මඟින් නිරූපණය කෙරෙන්නේ
වහලෙකුගේ හෝ අතවැස්සෙකුගේ චරිතයක් ලෙසිනි.කාන්තාවව අවප්‍රමාණය කරන අයුරු මෙහිදී
නිරූපනය වේ.අසංග
ශිලාව දකින්නේ ඇය තම වැඩ කටයුතු කර දීමට සිටින තැනැත්තියක් ලෙසටය.එසේම
තමා විසින් ශීලාට කරන ලද උදව් උපකාර පිළිබඳව ශීලාගේ සිතෙහි තමා පිළිබඳ කිසියම්
ගරුත්වයක් ගැබ්ව ඇති බව අසංගට සිතෙයි.ශීලා විසින් කාර්යාලය අස්පස් කර පිළිවෙළට
තබාගැනීම මගින් කතුවරයා පෙන්වා දෙන්නේ එය ගැහැනියක සතු වන වගකීමක්ලෙසටය.
එහිදී ද තව දුරටත් පෙනී යන්නේ,
කතාව තුළ ශීලාගේ චරිතය මගින් ඒකාකෘතිකරණයක් නිර්මාණය වී ඇති බවයි.
ස්ත්‍රීවාදී විචාර දෘෂ්ටිකෝණයට අනුව මාලනීගේ චරිතය
විග්‍රහ කිරීමේදී,
පෙනී යන තවත් කරුණක් වන්නේ මාලනී ගේ චරිතය,
කතාව තුළ ගොඩනැඟුණු සිද්ධි මාලාවේ දී මාධ්‍ය ආයතන විසින් තම ප්‍රේක්ෂක ප්‍රමාණය
ඉහළ නංවා ගැනීම පිණිස මාලනීගේ ජයග්‍රහණ හා හැකියා භාවිතයට ගන්නා බවයි.
කෙටියෙන්ම කිවහොත් මාලනී නම් චරිතය මාධ්‍ය ආයතන මගින් විකුණනු
ලබයි.
"යාන්ත්‍රිකව
පුවත්පත දිග හළ අසංගගේ අවධානය ඇතුළු පිටුවක වූ ඡායාරූපයකට ක්ෂණිකව යොමු විය. එය තම
බිරිඳගෙ උඩුකය දැක්වෙන ඡායාරූපයකි. ඒ අසලම චිත්‍රයක ඡායාරූපයක් ද විය."
"අසංග ඒ
පුවත්පත නමා ඉවතින් තබා වෙනත් පුවත්පතක් ගති. එහි
ද එම ඡායාරූප දෙකම පළ වී තිබුණි. එහි මාලනී ගේ ඡායාරූපය වෙනත් ඉරියව්වකින් ගන්නා ලද්දකි. එදා
පළ වූ හැම පුවත්පතකම පාහේ මෙම ප්‍රවෘත්තියත් ඡායාරූපයත් ඇතුළත් විය."
මාලනී පුවත්පත් කලාවේදිනියක් බවට පත් වී
ලබාගත් කීර්තිය මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කිරීම මගින් ඔවුන් ලාභ අපේක්ෂා කරයි.
ඔවුන් ඇයගේ පින්තූර හා ඇය ඇඳි චිත්‍ර වල පින්තූර සෑම පුවත්පතකම
පළ කරයි.
එහිදී ඔවුන් මාලනීගේ ඡායාරූපද ගන්නා අතර ඒවා විවිධ හැඩතල වලට අනුව ගනු ලබයි.
ඒවා ගනු ලබන විවිධ කැමරා කෝණයන් මත හා විවිධ අංග චලනයන් මත
පත්තර කියවන පාඨක ජනයා තුළ කිසියම් බලපෑමක් කිරීමට උත්සාහ කරයි.
එය චර්යාත්මකවූද මානසිකවූත් බලපෑමක් විය හැකිය.මෙහිදී
පුවත්පත් ආයතනයන් අතර පවත්නා තරගකාරිත්වයේ පිළිබඳවද මනා අවබෝධයක් නොනිමි සිත්තම කෙටි
කතාවේ පාඨකයාටද හඳුනාගත හැකිය.
ස්ත්‍රිය වනාහි පුරුෂයාගේ නිදහස් දිවියට බාධා
කරන තැනැත්තියක් ලෙස වර්තමානය වන විට බෙහෙවින් ජනප්‍රිය වී ඇත.
එය දැඩි ලෙස පෙන්වා දී තිබෙන්නේ මාධ්‍ය විසිනි.
ස්ත්‍රිය විසින් පුරුෂයාව යටපත් කරගෙන සිටින ආකාරය නැවත නැවත මාධ්‍ය
විසින් ජනගත කිරීම තුළින් සිදුවන්නේ පුරුෂයන් විසින් ස්ත්‍රිය දෙස වදකාරියක් ලෙස
බැලීමයි.ඒ
බව මෙම කෙටිකතාව තුළ ද මනා ලෙස නිරූපණය කිරීමට ජයතිලකයන් උත්සාහ ගෙන ඇත.
"මාලනී
රක්ෂාවක් කළ නමුත් ගෙදර වියදමට ඇගෙන් සතයක්වත් ලැබුණේ නැත. එසේ
වුවත් දිනපතා ඈ ගෙන ගොස් කාර්‍යාලයට බැස්සවිය යුතු විය. සවස
ආපහු කැඳවාගෙන කැඳවා ගෙන ආ යුතු විය. තනිවම ඇය බස් රථ වල යෑවීමට අකමැති වූ අසංග මුලදී මෙය කළේ සතුටු
සිතිනි............... ඇතැම් දිනෙක ඈ පැමිණියේ හොඳටම රෑ බෝ වීය. ඇයට
ඇගේ රක්ෂාව ගර්වයක් ගෙන දුන්නේය. එහෙයින් ඒ ගැන විමසූ විට ලැබුණේ සැරපරුෂ පිළිතුරකි."
"තමාට
රක්ෂාව ලැබීම ගැන ඔහු තුළ ඊර්ෂ්‍යාවක් හට ගන්නට ඇතැයි' ඈ
තුළ කහටක් ඇතිවිය. එය සිත තුළ සඟවා ගෙන සිටියා විනා ප්‍රකාශ කිරීමට ඉක්මන් වැඩි
යැයි ඈ කල්පනා කළාය."
"මාලනී
අදින ලද චිත්‍රය අසංකට පෙන්වා ඔහුගේ අදහස විමසයි. ඔහු
එහි හොදක් කියන්න කැමතිය. එය කරදරෙන් බේරීමක් වන බැවිනි.
එහෙත් කියන්ට හොඳක් නැත. බොරුවට හොඳක් කිව්වත් ඇයට එය තේරෙයි.
"චිත්‍රයෙ අදහසට වර්ණ සංකලනය අපූරුවට ගැලපෙනව." ඔහු
කියයි.
"ඔය බොරුනෙ කියන්නෙ නිකම් මාව සතුටු කරන්න." ඇයි
එවිට ඈ චෝදනා නගන්නීය.
" එහෙනම් ඉතින් ඒ මොනවද කියන්ට කියන්නේ "
" ඔයාගේ හැබෑ හැඟීම කියන්න."
ඔහු කරබාගෙන සිටිනවාට මාලනී කැමති නැත එවිට ඈ සිතන්නේ තමාගේ
හොඳක් කියන්නට ඔහු අකැමැති බවය. කෙසේ වෙතත් ඈ චිත්‍රයක් ඇන්ඳත්, ලිපියක් ලිව්වත් එය ඔහුට
කරදරයකි. "
"එයාගේ
හැටි ඔහොම තමයි. මට කිසි තැනක් ලැබෙනවාට කැමති නැහැ. එයාට
ඕනෑ මාව කුස්සිය මුල්ලෙම තියාගෙන ඉන්ට."
මෙමගින් පැහැදිලි වන්නේ පුරුෂයා විසින් ස්ත්‍රිය
පිළිබඳ දකින ආකාරයයි. ස්ත්‍රිය
තමාට කරදරයක් ලෙස පුරුෂයා දකින බවත්, ඇගෙන්
තමාට නිදහසක් නැති බවත් පාඨකයාට ඒත්තු ගැන්වීමට කතුවරයා මෙහිදී සමත් වී ඇත.
ස්ත්‍රීවාදී විචාර දෘෂ්ටිකෝණයට අනුව මෙය ස්ත්‍රිය අවප්‍රමාණය
කිරීමකි. ස්ත්‍රිය
තුළ පවත්නා විවිධ දුර්වලතා මගින් අවට පුද්ගලයන්ට හානි වන බවත්,
ඔවුන්ගේ මානසික නිදහසට එය බලපාන බවත්, ඒත්තු
ගැන්වීමට කතුවරයා උත්සහය දරා ඇත. අසංගත්,
මාලනීත් මුහුණ දුන් සම්මුඛ පරීක්ෂණයේදී අසංගට රැකියාව නොලැබුණු අතර මාලනීට රැකියාව
හිමිවිය.
එසේ මාලනීට රැකියාව හිමිවීම අසංගගේ ඊර්ෂ්‍යාවට බඳුන් වී ඇති බව මාලනී සිතයි.
මාලනී තුළ හටගන්නා එකී සැකය තුළ ඇය දිගටම පිහිටමින්,
විවිධ අවස්ථාවන්වලදී අසංග සමඟ නොයෙකුත් මතභේද ඇති කර ගනියි.
ඕනෑම පුරුෂයෙකු ඊට අකමැති ය එවැනි සියුම් සමාජීය කාරණා කතුවරයා
විසින් කෙටිකතාව තුළ අන්තර්ගත කිරීම තුළින් බලාපොරොත්තුවන්නට ඇත්තේ,
වෘත්තීය ජීවිතය හා එදිනෙදා ජීවිතය කිසිවිටෙක එකක් සේ දැකීමට
උත්සහ නොකරන ලෙසට සහෘද පාඨකයාට පහදා දීමට විය හැකිය.එසේම
යම් කිසි දෙයක් පිළිබඳ නැවත නැවත ප්‍රශ්න අසමින් එය විසඳා ගැනීම ස්ත්‍රියකගේ
ස්වරූපයයි. එය
හොඳින් අවබෝධ කර ගත් කතුවරයා කෙටි කතාව තුළ මාලනීගේ චරිතය ජීවමාන ස්ත්‍රියකගේ ගති
ස්වරූපයට රචනා කිරීමට සමත් වී ඇත.එසේම
එකී ගති ස්වභාවය විවේචනාත්මක අයුරින් දක්වා තිබීම විශේෂය.
ස්ත්‍රිය තුළ පවත්නා විවිධ ගැටලුකාරී තත්ත්වයන් මෙහිදී විකෘති කර දක්වන අතර එමගින්
පාඨකයා ගොඩනඟාගන්න ස්ත්‍රී රූපය සමාජයට හිතකර නොවෙයි.කේ
ජයතිලකයන් විසින් නොනිමි සිත්තම කෙටි කතාව තුළ තුළ ශීලාගේ චරිතය ඒකාකෘති කරන එකට
ලක් කළ සේම මාලනීගේ චරිතය ද කිසියම් අවස්ථාවක ඒකාකෘතිකරණය ක ට ලක් කිරීමට උත්සාහ
ගෙන ඇත්තේ මෙසේය.
"රත්පැහැ
ලා රෝස පැහැ දල්ලක් මෙන් මෑ සිටියේ මොන
තරම් මුදු මොළොක් ගතියකින් ද? කෙමෙන් කටු මෝර රෝස් පරොස් වී ගියේ එකී දවසට ද? චාම්
බව අතහැර සංකර ජීවිතයකට ඈ ඇබ්බැහි වන්නට වූයේ කොතරම් ඉක්මනට ද ? "
අසංග විසින් මාලනීව දකින ලද්දේ ඉතා මෘදු තරුණියක් ලෙස ය. නමුත් තම රැකියාව තුළින් ලත් දියුණුව නිසා ඇගේ කාර්යබහුලත්වය ඇයට කාන්තාවකගේ පෙනුම දෙන්නට විය.එය සෑම රැකියාවක නියුතු වන ස්ත්‍රියකගේ ස්වභාවයයි. නමුත් මෙහිදී මාලනී තුළ බාහිර පෙනුමේ වෙනසක් පමණක් නොව, අභ්‍යන්තර සිතූ පැතුම් සමුදාය තුලද කිසියම් පරිවර්තනයක් වී ඇති බව පැහැදිලිය. එකී පරිවර්තනය එතරම් යහපත් නොවූවකි.සරල ජීවිතයක් ගත කළ මාලනී මේ වන විට ගත කරන්නේ ඉතා සංකර දිවියක් බව කතුවරයා ඉහත පාඨය තුළ පෙන්වා දී ඇත.ඊට හේතුව වන්නට ඇත්තේ මාලනී තම දියුණුවත් සමග මාධ්‍ය විසින් ඇයව ප්‍රසිද්ධියට පත් කිරීම විය හැකිය. වෘත්තීමය කාර්යයට එහා යමින් සම්මුඛ සාකච්ඡා, රූපවාහිනී වැඩසටහන්, ගුවන්විදුලි වැඩසටහන්, ඡායාරූපකරණය ආදී කරුණු සඳහා ඇයට ඇගේ කාලය වෙන් කිරීමට සිදුවීමත් සමඟ ඇයට ඇගේ නිවසින් බැහැරව සිටීමට සිදු වන වේලාව වැඩිවේ.එවැනි අවස්ථාවක ස්වාමිපුරුෂයෙකු මුහුණ දෙන ආකාරය අසංගගේ චරිතය හා සමාන ලෙස නොනිමි සිත්තම කෙටි කතාව විචාරයට බඳුන් කිරිම තුළින් එහි පවත්නා මාක්ස්වාදී න්‍යායන්,මනෝ විශ්ලේෂණාත්මකවාදී න්‍යායන් හා ස්ත්‍රීවාදී න්‍යායන් පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය. එසේම යථාර්ථවාදී වස්තු විෂයයක් භාවිත කරමින් රචනා කළ මෙම කෙටිකතාව මඟින් උසස් ජීවන දෘෂ්ටියක් ලබාදීමට කතුවරයා මූලික වී ක්‍රියා කර ඇත. කතුවරයා විසින් මෙරට සිංහල සාහිත්‍යයට දායාද කළ නිර්මාණ අතර නොනිමි සිත්තම කෙටි කතාව ඉතා උසස් නිර්මාණයක් ලෙස අගය කළ හැක්කේ එහි පවත්නා යථාර්ථවාදී රීතිය නිසාවෙනි. මාධ්‍ය විසින් සමාජයට එල්ල කරන බලපෑම මනාව මෙහි නිරූපණය කරන අතර දේශීය කෙටිකතා පාඨකයා වෙනස් මානයකට යොමු කළ කෙටිකතාවක් ලෙස කේ.ජයතිලක නම් සාහිත්‍යධරයාණන් විසින් රචිත "නොනිමි සිත්තම" කෙටිකතාව හැඳින්විය හැකිය.
Malith Pasan
[13 Arts 1(2024 A/L)]

Comments
Post a Comment