Posts

සදාතන ජීවිතය සොයා ආර්ථවත් ගමනක් අරඔමු...

Image
 ✍ Sweth Perera 👉 සීතල හිම කැට අතරේ උණුසුම් සුසුම් සේ දැනේ දැනේ ඔබේ මගේ සමිඳුනේ ආදරෙන් ආදරයෙන් තුරුල් වී ඔබේ සළුවේ ගයන්නම් වයන්නම් ඔබේ ගුණ මෙසේ ජේසුනේ දිලිදු පැලේ සතුට මුව අග රඳවා දිලේ දිලේ පහන් තරුවක් වෙලා සිඳී නොයන ඔබේ ආදරේ උල්පතක් වෙලා ආසයි ආසයි ඔය අත අල්ලා ගන්න මෙදා සිත නිවන ගී තනුවක් වෙලා වයා සත්සර මෙදා පතමි පතමි පැතුමන් ඔබෙන් ඔබ දෑස් දෙස බලා කියමි කියමි ඔබට මගේ ජීවිත දිනපොත කෙදා යදිමින් අයදිමි ඔබෙන් මගේ ජීවිතේ ගැන සදා සිතේ ප්‍රාර්ථනා දෝතින් දරා ජීවිතේ පුරා ජයගන්න ජයගන්න එන්න සමිඳුන් සොයා වාසනාවකි වාසනාවකි අපට ඔබ මුණ ගැසූදා පුදමි පුදමි මගේ ජීවිතේ ඔබේ දෙපත් තබා Sweth Perera [12 Arts 2(2024 A/L)]

සුසුම් අංශුවක

Image
 ✍ Sweth Perera 👉 සුසුම් අංශුවක ආදරෙය අතුරා වෙලා මදනලේ ⁣නුබට එවන්නම් මා... සොඳුරු සිත මගේ රහසේ ඔබ පැතුවා... ඔබේ තුරුලෙහි සුව විඳින්නම් මා... සිහිනෙන් නුබ ඇවිදින්  රහසින් මට කොඳුරන් ඉඟි කරයි රහසින් ඉඟි කරයි රහසින්... සොඳුරු රැයකදි සුමුදු සඳ වැනි සිහින මට කැන්දා... නෙතු පියවි එන අමුතු හැඟුමක සුව රහසේ වින්දා ... පාවි පාවි පාවි සඳ ඇවිදින්  සිතවෙලි පහසෙන් සිතවෙලි පහසෙන්... සුසුම් අංශුවක ආදරෙය අතුරා වෙලා මදනලේ ⁣නුබට එවන්නම් මා... සොඳුරු සිත මගේ රහසේ ඔබ පැතුවා... ඔබේ තුරුලෙහි සුව විඳින්නම් මා... සිහිනෙන් නුබ ඇවිදින්  රහසින් මට කොඳුරන් ඉඟි කරයි රහසින් ඉඟි කරයි රහසින්... Sweth Perera [12 Arts 2(2024 A/L)]

ඩිජිටල් පොත්

Image
 ✍ Kithmini Meeriam 👉ඩිජිටල් තාක්‍ෂණයේ වර්ධනය අපගේ ජීවිතයේ සෑම අංශයක්ම පාහේ පරිවර්තනය කර ඇති අතර සාහිත්‍යටද එය බලපා ඇත. මෙම ඩිජිටල් පොත් සංකල්පය ප්‍රථමයෙන් මතු වූයේ 1970 දශකයේදීය. Amazon Kindle වැනි උපාංග දියත් කිරීම සහ ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් තාක්ෂණයේ දියුණුව නිසා ඊ-පොත් වෙත ප්‍රවේශ වීම සහ කියවීම වෙන කවරදාටත් වඩා පහසු විය. විද්‍යුත් පොත්වල ඇති වැදගත්ම වාසියක් වන්නේ පාඨකයන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය සම්පූර්ණ පුස්තකාලයක් ලෙස භාවිතා කළ හැකි වීමයි.  ඊ-පොත් අන්තර්ජාල මගින් ක්ෂණිකව බාගත කළ හැකි අතර, මිලදී ගැනීමක් සිදු කර තත්පර කිහිපයක් ඇතුළත පාඨකයන්ට තමන් තෝරාගත් පොත කියවීම ආරම්භ කිරීමට ඉඩ සලසයි. එමෙන්ම ඊ-පොත් කියවීමේදී  අකුරු ප්‍රමාණය වෙනස් කිරීම, පසුබිම් වර්ණය වෙනස් කිරීම, සහ ශ්‍රව්‍ය අනුවාදවලට සවන් දීමට ද පාඨකයාට හැකිවේ. ඔන්ලයින් පොත් සමාජ සහ කියවීමේ ප්‍රජාවන් සමෘද්ධිමත් වී ඇති අතර, අථත්‍ය අවකාශයන් තුළ ලොව පුරා පොත් සම්බන්ධ කිරීමට සහ සාකච්ඡා කිරීමට පාඨකයන්ට හැකි වේ. විද්‍යුත් පොත් වෙත ප්‍රවේශ වීමේ පහසුව නිසා නිතර කියවීමට වැඩි පිරිසක් උනන්දවේ. වසර ගණනාවක් පුරා භෞතික පුස්තකාලයකට...

Karakoram Highway connecting Pakistan to China

Image
Known as the "Friendship Road" by the Chinese, this highway connects Pakistan to China through the Karacorum ridge. Cross the Khunjerab Pass at an altitude of 4,964 meters (second highest in the world). Its construction was given in 1959 and it was completed after 27 years of construction. Karakoram is an incredible feat of engineering, stretching 1300 kilometers across three mountain ranges in the Himalayas and Hindukush.

colours of the Moon

Image
  It took 10 years for the photographer Marcella Julia Pace to capture these 48 colours of the Moon 😍

මරියතුමියගේ ස්වර්ගාරෝපණය මංගල්‍යය

Image
සෑම වසරකම අගෝස්තු 15 වන දින ශුද්ධවූ සභා මාතාව විසින් නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය සමරනු ලබයි. මෙම මංගල්‍ය සමරනු ලබනුයේ: 1. නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව 2. පෙරදිග ඕර්තඩොක්ස් සභාව 3. ඇංග්ලිකානු සභාවට අයත් ඇතැම් කොටස් කන්‍යා මරියතුමියගේ ස්වර්ගාරෝපණය යනු: ඕතොමෝ ගේ මෙලොව ජීවිතයේ අවසානය හෙවත් ස්වර්ගය වෙත කන්‍යා මරිය තුමිය ශාරීරික වශයෙන් ඔසවා ගැනීමය. දෙව් පුත් මෙලොවට වැඩම කිරීමට නව ගැලවීමේ ඉතිහාසයේ මුල් පුරුකවූ නවගිවිසුමේ ඒව ගේ කීකරුකම දේව මහෝත්තමයාණන් වහන්සේ විසින් මහිමයට පමුණුවනු ලැබූ යේ එතුමියගේ ශ්‍රි සිරුර පොළොවට පස්වන්නට ඉඩ නොහැර ප්‍රාණ ශරිර පිටින් ස්වර්ගයට ඔසවාගනු ලැබීමෙනි. ජනප්‍රවාදයට අනුව ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු මරියතුමිය ජොහාන් අපෝස්තුළුතුමා සමග සිටි බවත්, දිනක් රෝගීව සිට මියගිය බවත් පවසයි.ජුදා සිරිත් පරිදි එතුමියගෙ දේහය තැන්පත් කල පසු තෝමස් අපෝස්තුළුතුමා විසින් මරිය තුමියගේ වත මඬල අවසන් වරට දැක ගැනීමට සලස්වන ලෙස කල ඉල්ලීමට ජොහාන් තුමා සොහොන් ගෙය විවෘත කල පසු දක්නට වූයේ රෝස මල් යහනාවක් පමණක් බව ජනප්‍රවාදය පවසයි. අදත් ජෙරුසෙලමේ ඔලීව් කන්දේ කිදෝන් වැලි හි එ...

මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්

Image
කදාන ද මැසනොද් විදුහලේ කලා අංශයේ නව බහු මාධ්‍ය පන්ති කාමරය 2023.08.08 වන දින පාසලේ විදුහල්පති ගරු ජානක ෆොන්සෙකා සහෝදරතුමාගේ ප්‍රධානත්වයෙන්  විවෘත කෙරිණ. එහිදි කලා අංශයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරණ සිසුන්ගේ The media matrix  බ්ලොග් අඩවියද සයිබර් අවකාශයට මුදා හැරීම සිදු කෙරිණි.

රූස්ස ගස්

Image
  ✍️අශේන් ජනිශ👉 එදා ඉඳ  මහකැලේ  ගැන දන්න විඩා විඳ  සියවසක් කල් උන්න රූස්ස තාත්තා නොකියාම යන්නම ගියාම මම ගියා  කැලයට ඔහු බලන්න.. වසුරු තිබුනා  හැමතැනම පාහේ... අනේ..! පොරෝ පාරවල් වැහෙන්න... අශේන් ජනිශ 12 කලා 1 2024A/L