සදාතන ජීවිතය සොයා ආර්ථවත් ගමනක් අරඔමු...
✍Sweth Perera👉
සීතල හිම කැට අතරේ උණුසුම් සුසුම් සේ
දැනේ දැනේ ඔබේ මගේ සමිඳුනේ
ආදරෙන් ආදරයෙන් තුරුල් වී ඔබේ සළුවේ
ගයන්නම් වයන්නම් ඔබේ ගුණ මෙසේ ජේසුනේ
දිලිදු පැලේ සතුට මුව අග රඳවා
දිලේ දිලේ පහන් තරුවක් වෙලා
සිඳී නොයන ඔබේ ආදරේ උල්පතක් වෙලා
ආසයි ආසයි ඔය අත අල්ලා ගන්න මෙදා
සිත නිවන ගී තනුවක් වෙලා වයා සත්සර මෙදා
පතමි පතමි පැතුමන් ඔබෙන් ඔබ දෑස් දෙස බලා
කියමි කියමි ඔබට මගේ ජීවිත දිනපොත කෙදා
යදිමින් අයදිමි ඔබෙන් මගේ ජීවිතේ ගැන සදා
සිතේ ප්‍රාර්ථනා දෝතින් දරා ජීවිතේ පුරා
ජයගන්න ජයගන්න එන්න සමිඳුන් සොයා
වාසනාවකි වාසනාවකි අපට ඔබ මුණ ගැසූදා
පුදමි පුදමි මගේ ජීවිතේ ඔබේ දෙපත් තබා
Sweth Perera
[12 Arts 2(2024 A/L)]

Comments
Post a Comment