සුසුම් අංශුවක


 ✍Sweth Perera👉

සුසුම් අංශුවක ආදරෙය අතුරා

වෙලා මදනලේ ⁣නුබට එවන්නම් මා...

සොඳුරු සිත මගේ රහසේ ඔබ පැතුවා...

ඔබේ තුරුලෙහි සුව විඳින්නම් මා...


සිහිනෙන් නුබ ඇවිදින් 

රහසින් මට කොඳුරන්

ඉඟි කරයි රහසින්

ඉඟි කරයි රහසින්...


සොඳුරු රැයකදි සුමුදු සඳ වැනි සිහින මට කැන්දා...

නෙතු පියවි එන අමුතු හැඟුමක සුව රහසේ වින්දා ...

පාවි පාවි පාවි සඳ ඇවිදින් 

සිතවෙලි පහසෙන්

සිතවෙලි පහසෙන්...


සුසුම් අංශුවක ආදරෙය අතුරා

වෙලා මදනලේ ⁣නුබට එවන්නම් මා...

සොඳුරු සිත මගේ රහසේ ඔබ පැතුවා...

ඔබේ තුරුලෙහි සුව විඳින්නම් මා...


සිහිනෙන් නුබ ඇවිදින් 

රහසින් මට කොඳුරන්

ඉඟි කරයි රහසින්

ඉඟි කරයි රහසින්...

Sweth Perera

[12 Arts 2(2024 A/L)]

Comments

Popular posts from this blog

අපි ගැන

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරණ සිසුන් ක්ෂේත්‍ර චාරිකාවක

මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්