සිංහල සාහිත්‍ය කලා සංගමය පිහිටුවීම
12, 13 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය කලා සංගමය පිහිටුවීම 2023 මැයි 11 වන දින සිදු විය. මේ සඳහා සාමාජිකයින් තෝරා පත්කර ගැනුණේ විදුහල් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඒකකයේ දී ය. විදුහලේ කලා අංශයේ ගුරුභවතුන් සියලු දෙනාම මේ සඳහා සහභාගි විය. සමිති සභාව පිළිගනිමින්, පිළිගැනීමේ කතාව පැවැත්වූයේ රබීන්ද්‍රා ගුරු මෑණියන් විසිනි. ඉන් අනතුරුව බහුතරයකගේ ඡන්දය මත ලේකම්, උප ලේකම්, සභාපති සහ උප සභාපති පත් කර ගන්නා ලදී. ඒ අනුව යෝජනාව වූයේ ප්‍රධාන ලේකම් ධුරය සඳහා බ්‍රිපාෂා විහගි ශිෂ්‍යයාවත්, සභාපති ධුරය සඳහා දමිතු තුසාන් ශිෂ්‍යයාත් ය. එතැන් සිට සභා ගර්භයේ වැඩකටයුතු නව සභාපති විසින් පවත්වාගෙන යන ලද අතර, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික සහ සංස්කාරක ධුරවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පත්කර ගන්නා ලදී. ප්‍රධාන භාණ්ඩාගාරික ලෙස, ආදිත්‍ය චමත්කාර ශිෂ්‍යයා ද සංස්කාරක ලෙස, ලසිඳු මලින්ත ශිෂ්‍යයා ද යෝජනා ස්ථිර කිරීමෙන් තෝරා පත්කර ගන්නා ලදී. මෙහිදී, දැනට 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ප්‍රධාන ධුර ලබාදුන් අතර, 12 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට උප ධුර ලබා දෙන ලදී. සංගමයේ මතු අභිවෘද්ධිය උදෙසා කාරක සභාවක් ද පත් කරගත් අතර ඒ සඳහා සාමාජිකයන් පස් දෙනකු යෝජනා විය. යෝජනා ස්ථිර කිරීමෙන් අනතුරුව, අනුකමිටු 5 ක් ද පිහිටුවන ලදී. ඒවා නම්, චිත්‍ර, නැටුම්, සංගීත, සාහිත්‍ය සහ මාධ්‍ය කටයුතු යන අංශ සඳහා ය. මාධ්‍ය කටයුතු මෙහෙයවීමෙහි ලා ප්‍රධාන ධුරය උවිඳු සෙනෙවිරත්න ශිෂ්‍යයා හට ද ලබා දෙන ලදී. මෙලෙස පෙරවරු 11.00 ට ආරම්භ වූ, සභා ගර්භයේ වැඩකටයුතු පස්වරු 12.20 පමණ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර, සියල්ලෝ විසිර යන ලදී.

Comments
Post a Comment