සන්නිවේදනයේ පියා
සන්නිවේදන පර්යේෂණයන්හි විශේෂඥයෙක් ද, සුප්‍රසිද්ධ මතධාරියෙක් ද,උපායෙහි දක්ෂයෙක් ලෙස ද ප්‍රකට වූ විල්බර් ශ්‍රාම් ගේ අදහස වූයේ "යම් කෙනෙකු පුරුදු පුහුණු කළ යුත්තේ මනා හික්මීමයි" යන්නයි.ඔහු විසින් ග්‍රන්ථ 25 ක් හා සඟරා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන ලදී.ඔහු විසින් පෙලපොත් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය පුළුල් කරනු ලැබීය.මේ අතුරින් ජනසන්නිවේදනය ක්‍රියා, ජන සන්නිවේදන ක්‍රියාවලිය හා ජනමාධ්‍ය සහ ජාතික සංවර්ධන යන කෘතීන් විශේෂ විය.එමෙන්ම ඔහු විසින් ළමුන් රූපවාහිනිය නැරඹීමෙන් ලැබෙන ඵල විපාක පිළිබඳ පර්යේෂණයක් සිදුකර අතර එහිදී දරුවන් කෙරෙහි රූපවාහිනිය අහිතකර ලෙස බලපාන බව නිගමනය විය. ඉලිනොයිස් විශ්වවිද්‍යාලය තුළ සන්නිවේදනය පිළිබඳ පර්යේෂණ අධ්‍යාපන ආයතනයක්ද, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය පිළිබඳ වැඩසටහන් ද ආරම්භ කළහ.1964 දී යුනෙස්කෝ ආයතනයේ ආයතනය එක්ව මුද්‍රණය කරන ලද "ජනමාධ්‍ය හා ජාතික සංවර්ධනය" යන කෘතිය විශේෂ විය.
මොහු විසින් සන්නිවේදනය පිළිබඳ නිර්වචනයක් සහ ආකෘතියක් ඉදිරිපත් කොට ඇත.1954 වර්ෂයේදී මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණය හේතුකොටගෙන සන්නිවේදනය පිළිබඳව මෙසේ නිර්වචනයක් ඉදිරිපත් කොට ඇත."තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇතිවීම සන්නිවේදනය යි".තවද ඔහු විසින් ඔස්ගුඩ් සමඟ එක්ව සන්නිවේදනය පිළිබඳව ආකෘතියක් ඉදිරිපත් කොට ඇත.පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වූ සන්නිවේදනය පිළිබඳ අනුරූපයන් වැඩිදියුණු කළ විල්බර් ශ්‍රාම් ලොව සුපතල සන්නිවේදනය පිළිබඳ මතධාරියෙක් වූයේය.
ඔහු තමාගේ ජීවිතය අවසානය දක්වාම සේවය කළේ සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ය.එලදායී ජීවිත කාලය පිළිබඳ සාරාංශයක් වූ "මානව සන්නිවේදනය" කෘතිය රචනා කරමින් සිටින අතරතුර දී වර්ෂ 1987 දෙසැම්බර් විසි හත් වන දින අවසන් හුස්ම හෙළුවේය.මෙසේ නව සන්නිවේදන ක්ෂේත්‍රයට මං මාවත් විවර කළ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ගේ අභාවයෙන් පසු ලෝකය පුරා ජන සන්නිවේදන අධ්‍යයනය පිළිබඳව ඔහුගේ ශිෂ්‍ය පරපුර විසින් ප්‍රචලිත කළේය.1973 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනසන්නිවේදනය විෂය ක්ෂේත්‍රය කැළණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂා වන්නේ ද මෙවැනි පසුබිමක පිහිටුවා ය.```
K.G.Hashini Anththara
[12 Arts 2(2024 A/L)]

Comments
Post a Comment