කෘතිම බුද්ධි නිවේදකයෝ
✍Kithmini Meeriam👉තාක්ෂණික ලෝකයේ නවතම අද්විතීය සොයාගැනීමක් වන්නේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයයි. මෙහි නවතම ප්‍රවනතාවය වන්නේ රූපවාහිනී පුවත් නාලිකාවන්හි පුවත් නිවේදක නිවේදිකාවන් සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමයි. මෙම සංකල්පය පළමු වැනි වරට ලොවට හදුන්වාදෙනු ලැබුවේ චීනයයි. ඔවුන් සිය පුවත් ප්‍රකාශයක් සඳහා අතථ්‍ය පුවත් නිවේදකයෙකු යොදා ගැනීම එහිදී සිදුවිය. ඒ සඳහා ඔවුන් කෘත්‍රිම බුද්ධි නිවේදකයන් දෙදෙනකු නිර්මාණය කරන ලදී.
අද වන විට මෙම තාක්ෂණය ඉන්දියාව ඇතුළුව ආසියානු කලාපීය රටවල් වල භාවිතයට ගනිමින් පවතී. ඉන්දියාවේ විකාශය කෙරෙන Power Tv නාලිකාව සඳහා soundarya නමින් කෘත්‍රිම බුද්ධි නිවේදිකාවක් ද Aaj Tak පුවත් නාලිකාව සඳහා Sana නමින් කෘතිම බුද්ධි නිවේදිකාවක් ද Otv නාලිකාව සඳහා Lisa නමින් කෘතිම බුද්ධි නිවේදිකාවක් ද එළිදැක්වීය.
Nadira, Sasya සහ Bhoomi ලෙස කෘත්‍රිම බුද්ධි නිවේදිකාවන් තිදෙනෙකු ඉන්දුනීසියාවේ tvone නාලිකාව විසින් හඳුන්වා දෙන ලදී. මේ අතර තායිවානයේ FTV පුවත් නාලිකාව සිය කාලගුණික වාර්තාව ඉදිරිපත් කිරීමට කෘත්‍රිම බුද්ධි නිවේදිකාවක් එළිදක්වා තිබේ.
හොංකොං හි රජයට අයත් රූපවාහිනි නාලිකාව වන RTHK නාලිකාව මගින් Aida නමින් කෘත්‍රිම බුද්ධි නිවේදිකාවක් හඳුන්වා දෙන ලදී. එසේම මැලේසියාවේ Astro Awani නාලිකාවත් Joon සහ Monica නමින් කෘත්‍රිම බුද්ධි නිවේදක නිවේදිකාවන් දෙදෙනකු හඳුන්වාදීමට කටයුතු යෙදීය.
මෙම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හරහා නිර්මාණය කළ පුවත් නිවේදක නිවේදිකාවන්ට දවසේ පැය 24 පුරාම රාජකාරියේ නිරත විය හැකිය. ඔවුන් සඳහා අතිකාල දීමනා ගෙවීම, වැටුප් ගෙවීම, නිවාඩු ලබාදීම වැනි කාරණා අදාළ නොවන බැවින් නාලිකාවල පිරිවැය බොහෝමයක් ඉතිරි කරගත හැකිය.
Kithmini Meeriam
[12 Arts 1(2024 A/L)]

Comments
Post a Comment