මොකක් ද මේ anime කියන්නේ ?🤔
✍️Dhanula Sujayana👉අද ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතින animation වර්ගයක් තමා anime කියන්න නමුත් ලංකා සමාජය තුළ මේ පිළිබඳව වැරදි මතයක් පවතී anime පිළිබඳව නිවැරදි අදහසක් ලබා දීමට මෙම ලිපියේ අරමුණයි.
anime යනුවෙන් සරලව කිවහොත් animation (සජීවීකරණය) බිඳී ආ කෙටි යෙදුමකි.Animation film සියලු දෙනා නරඹා ඇති බව සිතනවා සූර පප්පා,ටින් ටින්,දොස්තර හොඳ හිත වැනි ජනප්‍රිය animation cartoon රූපවාහිනිය මගින් අප රට තුල විකාශය වූ බව ඔබට මතක ඇති. අප රට තුල විකාශය වූ Batman වගේ animated series ඔ
බට මතක ඇති හෙළ superhero comic පාදක කරගෙන නිර්මාණය කර ඇත. නමුත් නමුත් anime කියන්නේ animation short form එක වුවත් අද මුළු ලෝකය විසින් පිළිගෙන තියෙන එමෙන් කියන්නේ japanese cartoon බවත් එය වෙනම culture එකක් බව අපිට අද ලෝකයේ දක්නට ලැබෙනවා.
anime වල ඇති විශේෂත්වය?🔥
animation වලින් වෙන්වෙලා culture එකක් නිර්මාණය වෙන්න තරම් ආවේණික හා විශේෂිත වූ ලක්ෂණ රාශියක් දක්නට ලැබේ. ජපන් යන මිනිසුන් කපා වලට බොහෝ විට පාදක වන්නේ manga හා light novels ආශ්‍රයෙනි . Manga යනු සරලව කිවහොත් ජපන් චිත්‍ර කතා වේ.manga විශේෂ වන්නේ ගොඩක් වෙලාවට එහෙම සෝලෝ ආර්ටිස් කෙනෙක් ගෙ වැඩක් වන නිසාය. ඒ නිසා manga වලට විශේෂ unique ගතියක් එක් වෙනවා. මෙම හේතුව නිසා iseyama, oda, kishimoto 🗿 ඔය වගේ නම් කිව්ව පමණින් art style එක ඔළුවට එන Artist ලා, එතනින් එහාට WIT, White Fox, Mappa නම් කියපු ගමන් animation style මතකෙට එන studio බිහි වෙන්නත් ඒක හේතුවක්.
ඒ වගේම ඒ සඳහා භාවිතා animation තාක්ෂණය දියුණු වීම අද වන විට දක්නට ලැබේ.Visual effects,සිනමා graphyදේවල් අති anime studio ඉදිරියෙන් සිටිනවා.epic fight, beautiful location ඒ වගේම චරිතයට ගැළපෙන විදියට voice acting anime වල සුවිශේෂත්වය වැඩි කරනවා. ඒ වගේම japanese culture ප්‍රධාන තැනක් ලබාදී අනෙකුත් culture සමග එකතු කිරීමෙන් අනෙකුත් animation වල නොමැති අලංකාර බවක් එක් කරනවා. ඒ වගේම සමහර කතා ගොඩක් සංවේදී වන අතර ගැඹුරු අර්ථයක් ද පෙන්නුම් කරනවා. ඒ වගේම anime වල sound track next level product වෙනවා. එම soundtrack ඉතාමත් ජනප්‍රිය වෙනවා.anime Genres විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අතරින් beginer කෙනෙක්ට reccomend කරනවා Action, comedy. Slice of life or romance වලින් බලන්න පටන් ගන්න කියලා.
"Anime for kids" ❗️?
ඇත්තටම තියෙන්නේ ළමයින්ටද ? 🤔
අද සමාජය තුළ බහුතරයක් දෙනා සිතන්නේ anime නරඹන්නේ කුඩා ළමුන් පමණක් බවත් කිසි හරයක් නැති කාටුන් බවත්ය.මෙය ළමයින් සඳහා වෙනම anime නිෂ්පාදනය කරත් බොහොවිට anime ගැලපෙන්නේ තරුණ වැඩිහිටි අයටයි. Anime ලංකාවේ ජනප්‍රිය නොවුනත් USA වැනි රටවල් වල anime ඉතාමත් ජනප්‍රියයි. සමාජය තුළ පිළිගත් ධනපතින්,ක්‍රීඩකයන්,youtube කරුවන්, ගායයන් anime නරඹයි. මෙම නිසා රුචිකත්වයක් තිබෙනවානම් මේම ප්‍රාථමික ආකල්ප වලින් මිදී හොද කලාවක් රසවිදින්න🔥
Dhanula Sujayana
[12 Arts 1(2024 A/L)]

Comments
Post a Comment