මගේ අම්මා
✍Sweth Perera👉
අම්මා ඇයි ඔබ නොකියාම ගිය දුර ඈතක
සිත සොයනවා තවමත් ඔබෙ රුව
කදුළු සලා ඔබ ඇමතිය හැකි නම් අම්මේ
දහසක් කඳුළැලි මා සැලුවා අම්මේ .....
හමුවන තුරු ඒ ලස්සන ලොවෙහි
සුවසේ සැතපී නිදන්න අම්මේ
සමිඳුන්ගේ මිදි උයනේ .....
දහසක් දරුවන් නෙත් පෑදූ ඔබ
මා ජීවිත මුල් ගුරුතුමියක් වූ ඔබ
මතකයි තවමත් ඔබ දුන් ඒ ඔවදන්
සරු කෙරුවා දිවි ගමනේ
අප රැකුවේ ඔබ අම්මේ .....
Sweth Perera
[12 Arts 2(2024 A/L)]

Comments
Post a Comment