ස්ත්‍රී පුරුෂ සමාජභාවය
මේ ආකාරයට ස්ත්‍රියට හෝ පුරුෂයාට
වෙන්වූ සමාජය කාරනා සාකච්ඡා කළ හැකිය. මෙවැනි සීමා මායිම් වලින් ඔබ්බට යෑම හෝ මෙය
ප්‍රතික්ෂේප කිරීම සංස්කෘතියෙන් පිට පැනීමකි.එමෙන්ම සමාජයේ විවේචනයටයට ලක් වීමට
සිදු වෙයි. පසුගිය දිනවල ගුරුවරියන්ගේ සාරි ඇදීම පිළිබඳ ගැටලුවද මෙහිදී
උදාහරණයක්යට ගත් හැකි කදිම නිදසුනකි.
විශේෂයෙන්ම ලාංකීය සමාජය තුළ මෙන්ම
බොහෝ සමාජයන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවී සන්දර්භය කතිකා කිරීමේදී පෙනී යන්නේ සමාජීය
වශයෙන් අප ජීවත්වන්නේ පුරුෂ මූලික සමාජයකය. එනම් පුරුෂයා ගෘහමූලිකයා වන පුරුෂයාට
විශේෂ තැනක් හිමිවන පුරුෂයකු වීම නිසා විශේෂ වරප්‍රසාද හිමිවන පිරිමියාගේ පාලනයට
නතු වූ සමාජයක අප ජිවත්වේ. හෙළ සාහිත්‍යයේදි
පවා බොහෝ විට පුරුෂ දෘෂ්ටියෙන් ලියවී ඇති බව පසු පසුකාලීන විචාරකයෝ විවේචනාත්මක ලෙස විවේචනය කර ඇති බව පෙනී යයි. මෙම භූමිකාවට
සරිලන ලෙස ස්ත්‍රී පුරුෂ භූමිකාව සකස් වී ඇති බව පෙන්වා දිය හැකිය. ස්ත්‍රිය මවකගේ
භූමිකාව ද භාර්යාවගේ භූමිකාව ද සිය පවුල තුළ ඉටු කරයි. ශ්‍රමය සංවිධානය කොට සමාජය
සකස් කොට ඇති ආකාරය මෙම සංකල්පය විග්‍රහයේ දී මනාව වැටහේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය
යන සංකල්පය සමාජීය වශයෙන් කතිකාවට ලක් වන්නා මෙන්ම නිර්මාණකරුවන්ගේ නිර්මාණ තුළද
මෙම දෘෂ්ටිවාදයන් ප්‍රශ්න කිරීම , යාවත්කාලීන කිරීම ඉතා වැදගත්ය. මන්දයත් භාෂාව ද
පුරුෂ මූලික වන සන්දර්භයේ ස්ත්‍රියගේ ශ්‍රම සැලසුම සංස්කෘතික නිෂ්පාදනයක් ලෙස වටහා
ගැනිම සදහා මෙම දෘෂ්ටිවාදයේ කියැවීම අත්‍යවශ්‍ය වේ.
මිෂෙල් ෆුකෝ පවසන අන්දමට ගැහැණිය කියා කෙනෙක් නැත.
සංස්කෘතිය විසින් ඇයව නිර්මාණය කරයි. මේ අදහස ප්‍රබල ස්ත්‍රීවාදිනියක වූ සිමෙන්ඩි
බුවර් ද පවසා ඇත. එනම් ස්ත්‍රිය වනාහි උපත
ලැබුවා නොව නිෂ්පාදනය කරනු ලැබූ යන්නයි.
.jpg)
Comments
Post a Comment