ස්ත්‍රී පුරුෂ සමාජභාවය


Sudesh Abenayake👉ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු වත්මනේ දී වැඩි වශයෙන් කතා කතාබහට ලක්වන  දාර්ශනික සංකල්පයක් ලෙසද පෙන්වාදිය හැකිය. මෙහිදී ස්ත්‍රී පුරුෂභාවය නොහොත් ලිංග භේදය  ජීව විද්‍යාත්මක බෙදීමක් ලෙස හඳුනා ගත හැකිය. එනම් ස්ත්‍රී ලිංගය පුරුශ ලිංගය වශයෙන් ජීව විද්‍යාත්මකව ස්ත්‍රිය හා පුරුෂයා වෙන් කිරීමකට ලක් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ජීව විද්‍යාත්මක බෙදීමක් නොවේ. එය සමාජ සම්බන්ධතා මත ගොඩ නංවන ලද්දකි. බලය බෙදීම මත පදනම්ව ස්ත්‍රිය හා පුරුෂයා ට හිමි ස්ථානය තීරණය වී ඇත. එහිදී විශේෂයෙන් ම මනෝවිද්‍යාත්මක මර්දනයක් ලෙස එනම් දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ජනප්‍රිය වශයෙන්  පුරුෂයාට ද සමාජයීය කාර්‍යයන් පවරා ඇත. දියුණු ලෝකය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන්න නිතර කථාබහට ලක් වන්නකි. ප්‍රශ්න නගන්නකි. මෙහිදී උදාහරණයක් ලෙස ස්ත්‍රියට හා පුරුෂයාට වශයෙන් වෙන්වු වැඩ බෙදා දීම මෙන්ම ස්ත්‍රියට හෝ පුරුෂයාට සංස්කෘතිය විසින් හිමිකර දී ඇති ස්ථාන විමසීම් ඉතා වැදගත්ය. එහිදි පුරුෂයා ලිංගික ප්‍රහාරකයා වන අතර ස්ත්‍රිය ලිංගික පීඩිතයා වන්නිය.පුරුෂයා තාර්කිකව සිතන අතර ඒකීයවාදීය ස්ත්‍රිය හැගීම්‍බර අතර බහුවිධය . පුරුෂයා නායකයා ප්‍රධානියා වන අතර ස්ත්‍රිය යටත්වන්නා අනුගාමිකයාවේ.පුරුෂයාගේ ශරීරය ශක්තිමත් වන අතර ස්ත්‍රිය මෘදු මොලොක්, කෝමළ ,ලාමක බව පෙන්නුම් කරයි.

මේ ආකාරයට ස්ත්‍රියට හෝ පුරුෂයාට වෙන්වූ සමාජය කාරනා සාකච්ඡා කළ හැකිය. මෙවැනි සීමා මායිම් වලින් ඔබ්බට යෑම හෝ මෙය ප්‍රතික්ෂේප කිරීම සංස්කෘතියෙන් පිට පැනීමකි.එමෙන්ම සමාජයේ විවේචනයටයට ලක් වීමට සිදු වෙයි. පසුගිය දිනවල ගුරුවරියන්ගේ සාරි ඇදීම පිළිබඳ ගැටලුවද මෙහිදී උදාහරණයක්යට ගත් හැකි කදිම නිදසුනකි.

විශේෂයෙන්ම ලාංකීය සමාජය තුළ මෙන්ම බොහෝ සමාජයන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවී සන්දර්භය කතිකා කිරීමේදී පෙනී යන්නේ සමාජීය වශයෙන් අප ජීවත්වන්නේ පුරුෂ මූලික සමාජයකය. එනම් පුරුෂයා ගෘහමූලිකයා වන පුරුෂයාට විශේෂ තැනක් හිමිවන පුරුෂයකු වීම නිසා විශේෂ වරප්‍රසාද හිමිවන පිරිමියාගේ පාලනයට නතු වූ සමාජයක අප ජිවත්වේ. හෙළ සාහිත්‍යයේදි  පවා බොහෝ විට පුරුෂ දෘෂ්ටියෙන් ලියවී ඇති බව පසු පසුකාලීන විචාරකයෝ  විවේචනාත්මක ලෙස  විවේචනය කර ඇති බව පෙනී යයි. මෙම භූමිකාවට සරිලන ලෙස ස්ත්‍රී පුරුෂ භූමිකාව සකස් වී ඇති බව පෙන්වා දිය හැකිය. ස්ත්‍රිය මවකගේ භූමිකාව ද භාර්යාවගේ භූමිකාව ද සිය පවුල තුළ ඉටු කරයි. ශ්‍රමය සංවිධානය කොට සමාජය සකස් කොට ඇති ආකාරය මෙම සංකල්පය විග්‍රහයේ දී මනාව වැටහේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය සමාජීය වශයෙන් කතිකාවට ලක් වන්නා මෙන්ම නිර්මාණකරුවන්ගේ නිර්මාණ තුළද මෙම දෘෂ්ටිවාදයන් ප්‍රශ්න කිරීම , යාවත්කාලීන කිරීම ඉතා වැදගත්ය. මන්දයත් භාෂාව ද පුරුෂ මූලික වන සන්දර්භයේ ස්ත්‍රියගේ ශ්‍රම සැලසුම සංස්කෘතික නිෂ්පාදනයක් ලෙස වටහා ගැනිම සදහා මෙම දෘෂ්ටිවාදයේ කියැවීම අත්‍යවශ්‍ය වේ.

මිෂෙල් ෆුකෝ  පවසන අන්දමට ගැහැණිය කියා කෙනෙක් නැත. සංස්කෘතිය විසින් ඇයව නිර්මාණය කරයි. මේ අදහස ප්‍රබල ස්ත්‍රීවාදිනියක වූ සිමෙන්ඩි බුවර් ද පවසා ඇත. එනම්  ස්ත්‍රිය වනාහි උපත ලැබුවා නොව නිෂ්පාදනය කරනු ලැබූ යන්නයි.


Comments

Popular posts from this blog

අපි ගැන

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරණ සිසුන් ක්ෂේත්‍ර චාරිකාවක

මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්