දරුවන්ට දඬුවම් කිරීමෙන් අනාගතය සාර්ථක වේද?
✍Malith Pasan👉දරුවන් යනු රටක අනාගතයයි.අනාගතයේ ලෝකය තුළ පාලනය ගෙන යනු ලබන්නේ කලක් දරුවන්ව සිටි පිරිසකි. කුඩා කල සිටම දරුවන් තමන් ඉගෙන ගන්නා දේ, තමන්ට දකින්නට ලැබෙන දේ, ඔස්සේ තම ඥාන ව්‍යුහය සකස් කරනු ලබයි.කුඩා දරුවන් සෑම විටම අත්හදා බැලීම් වලින් යම් යම් දේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරනු ලබන අතර එහිදී ඔවුන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි සිදු වේ. එහිදී ඔවුන්ට මඟ පෙන්වීමට හා නියාමනය කිරීමට දෙමව්පියන් වැඩිහිටියන් සහ ගුරුවරුන් ආදී පුද්ගලයින් මැදිහත්කාරයින් වනු ඇත.මෙසේ දරුවකු අතින් සිදු වූ වරදක් නිවැරදි කිරීමට මෙහෙ පුද්ගලයින්ට ක්‍රම දෙකක් භාවිතා කළ හැකිය.ඉන් පළමු ක්‍රමය වන්නේ එම වරද පිළිබඳ උපදෙස් දී මග පෙන්වීමක් ලබාදීමයි. මෙහි පවත්නා දෙවෙනි ක්‍රමය වන්නේ එහෙම වරදට දඬුවම් කර නැවත එවැනි දෙයක් නොකිරීමට නොකිරීමට ඔවුන්ව හැඩගැස්වීමයි. මෙම ක්‍රම දෙක තුළින් එකිනෙකට වෙනස් හිතකර මෙන්ම අහිතකර බලපෑම් ඇතිවන අතර, මෙම පළමු ක්‍රමය මගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම ඉතාම අවමය. නමුත් මෙහි එන දෙවන ක්‍රමය හෙවත් දඬුවම් කිරීම යන කාරණාව මගින් හිතකර බලපෑම් මෙන්ම අහිතකර බලපෑම්ද ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී.
දරුවන් එකිනෙකාට වෙනස්ය.
ඔවුන් තුළ පවත්නා හැඟීම්,
සිතුවිලි,
දරාගැනීමේ ශක්තිය හා සංවේදීතාවය ද එකිනෙකට වෙනස් වන අතර එය පුද්ගල අනුරූපී බව අවිවාදයෙන්
යුතුව පිළිගත යුතුය.දරුවෙකුට
දඬුවම් කිරීම මගින් ඔහු විසින් කළ එම වරද නැවත නොකිරීමට ඔහු තුළ බියක් හට ගනු ලබන
අතර, බොහෝ විට එම දරුවා එම
වරද නැවත කිරීමට ඉඩ නො පවතී. දඬුවම්
කිරීම මගින් සිදු වන්නේ දරුවා තුළ කිසියම් බියක් ඇති කිරීමයි.
බොහෝ දුරට මෙය සාර්ථක ක්‍රමයක් ලෙස බහුතරයකට පෙනේ.නමුත්
එය එසේ සාර්ථක ලෙස බලපාන්නේ සාමාන්‍ය මානසික මට්ටමක් සහිත,
යමක් එකවර අවබෝධ කරගත හැකි,
සාර්ථක සමාජ වටපිටාවක් සහිත දරුවෙකුට පමණි.
මෙහි අනිසි ප්‍රතිඵල අත් කර ගනු ලබන දරුවන්
දෙකොට්ඨාශයක් සමාජය තුළ සිටී. ඒ අධිසංවේදීතාවයෙන් යුතු දරුවන් හා ප්‍රචණ්ඩකාරී
හැසිරීම් වලින් යුත් දරුවන් ය.
මෙහිදී අධිසංවේදීතාවයෙන් යුතු දරුවන් තමා
වෙත සිදුකරන ලද දඬුවම පිළිබඳ කිසියම් බියක් ඇති කර ගනු ලබන අතර,
ඔහු මෙම වරදට පමණක් නොව එදිනෙදා ජීවිතේ සිදු කරනු ලබන අනෙකුත් සාමාන්‍ය
ක්‍රියාකාරකම් සිදුකිරීමට ද කිසියම් බියක් දක්වයි.
මන්ද තමා වෙත එල්ල වූ යම් දඬුවමක් පිළිබඳ බියක් ඔහුගේ
සිත තුළ තදින් කා වැදී ඇති නිසා ඔහු තුළ නිතරගයෙන්ම ඕනෑම ක්‍රියාවක් කිරීමට බියක් උපදියි.එසේ
ම තමාට දඬුවම් කරන ලද පුද්ගලයා පිළිබඳව ද ඔහු බියක් ඇති කර ගනු ලබන අතර ඔහු තමාට
සුරක්ෂිත වැඩිහිටියකු ලෙස දරුවා නොපිළිගනියි.
එකී පුද්ගලයාව දකින සෑම විටම දරුවා තුල නැවත නැවත බිය මතු
වී එයි. මෙමඟින් ඇති වන මානසික පීඩනය දරුවා වැඩිවියට පත්වූ පසුත් පැවැතීමේ
සම්භාවිතාවයක් ද පවතී.මෙමගින්
පෙනී යන්නේ අධිසංවේදී දරුවන් හට දඩුවම් කළ විට ඔවුන් තුළ කිසියම් අහිතකර බලපෑම්
ඇති වීමේ ඉඩ ඇතිවීමේ ඉඩකඩ පවතින බවයි.
එසේම ප්‍රචණ්ඩකාරී හැසිරීම් වලින් යුතු
දරුවන් හට දඩුවම් කිරීමේදී කිරීමේදී ඇතිවිය හැකි ප්‍රතිඵල ද සතුටුදායක නොවන්නේය.
එහිදී ඔවුන් තුළ පවත්නා ප්‍රචණ්ඩකාරීත්වය ඉක්මවා එය
වර්ධනය කිරීමට මෙම දඬුවම් උපකාරී විය හැකි බව පිළිගත යුතුය.
මෙහිදී දරුවා ප්‍රමුඛයෙක් තමා වෙත දඬුවම් කරන පුද්ගලයා
කෙරෙහි වෛරයක් ඇති කර කර ගනු ලබන අතර, පෙරලා
ඔහුගෙන් පලිගැනීමේ චේතනාවක් ද ඇතැම් විට ඇති විය හැකිය.මෙය
ඉතාමත් දරුණු තත්වයකි. ඇතැම් අවස්ථාවක මේ දරුවා විසින් තමා වෙත එල්ලවූ පීඩනය තමා
අසල සිටින සහෝදර සහෝදරියක හෝ සමකාලීන මිතුරෙකු මගින් තම කෝපය සංසිදුවා ගැනීමට පවා
ඉඩකඩ පවතී. එසේම
මේ දරුවා ඇතැම් දවසක සමාජගත වූ පසුවද පුද්ගලයින්
කෙරෙහි වෛරයෙන් බැලීමටත්,
වැරදි කිරීමට ඇති බිය නැතිකමත් නිසා බොහෝ ගැටලූ රාශියක් ඇති කර ගනියි.එහි
අන්ත ඵලයක් ලෙස මිනීමැරුම් හා සියදිවි නසාගැනීම් යනාදිය හැඳින්විය හැකිය.
මේ අනුව පෙනීයන්නේ ප්‍රචණ්ඩකාරී දරුවන් වෙත දඬුවම්
කිරීම මගින් අනිසි ප්‍රතිඵල අත්වන බවයි.
මෙසේ බලන විට බලන විට පෙනී යන කරුණක් වන්නේ, දරුවෙකුට දඬුවම් කිරීමේ දී දඬුවම එල්ල කරනු ලබන පුද්ගලයා විසින් අදාළ දරුවා පිළිබඳ, දරුවාගේ ස්වභාවය හා මානසික මෙන්ම චර්යාත්මක පද්ධති පිළිබඳ හොඳ අවබෝධයක් පැවතිය යුතු බවයි. ඒ අනුව ගත් කල ගත්කල වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ දරුවෙකුට දඩුවම් කිරීමට පෙර ඔහුට එක් අවස්ථාවක් ලබා දීමයි. මෙහිදී තමන් විසින් දරුවාට උපදෙස් ලබා දී නිවැරදි මග මඟ පෙන්වීමක් කළ යුතුය. ඉන් අනතුරුව ඒ වැරැද්ද දරුවා විසින් කළ හොත් උපදෙස් හා මගපෙන්වීම් සමගම සුළු වශයෙන් දඬුවම ලබා දීම සුදුසු වේ. බොහෝ විට මෙම දෙවන අවස්ථාවෙන් පසුව දරුවා තමන් විසින් කළ වරද නැවත නොකිරීමටත්, එය නොකළ යුත්තක් බව අවබෝධ කර ගැනීමට කරගැනීමට දරුවාගේ මානසික හා කායික පද්ධතීන් පෙලඹේ.මෙමගින් අනාගතය සාර්ථක කරගැනීමට නිසැකවම හැකියාව ලැබෙනු ඇත.
Malith pasan
[13 Arts 1(2023 A/L)]

Comments
Post a Comment